Tuesday, February 21, 2017

චතුර්සේන කතා වස්තුව








යටගිය දවස බරණැස් නුවර ප්‍රේමදත්ත නම් රජ කෙනෙකු රාජ්‍යය කලේය. මේ රජ තෙමේ ඉතා භයානකය, අනුකම්පාවෙන් තොර වූයේය. ඔහුගේ සිත්  පිත් නැති දන්ඩනයන්ගෙන් හා අනුකම්පා විරහිත රාජ්‍ය පාලනය නිසා බරණැස ජනයා කටුක දිවියක්ම ගෙවූහ. දන්ඩනයෙන්ද මර්දනයෙන්ද තැලුම් කෑ දුගී ජනයා වෙනුවෙන්, ප්‍රේමදත්තගේ හිංසාකාරී පාලනයට එරෙහිව පෙරට ආ විජය කුමාර් නම් කඩවසම් කුමරෙක්වූ අතර ඔහුගේ අභීත සෙන්පතියා වූයේ රජතසේන නම් තරුණ සෙනවියාය. රජතසේනට කුඩා පුත් රුවනක් විය. ඔහු නමින් චතුර්සේන ය. වයසින් යන්තම් වසර 10ක් වුවද චතුර් සේන තෙමේ  ඉතා එඩිතරය, කඩිසරය එමෙන්ම කටකාරය. තම පියාගේ අඩි පාරේම යාමට නොතිත් ආශාවෙන් පසුවූ කුඩා චතුර්සේන කුමාරයාද කෘර ප්‍රේමදත්ත කෙරෙහි මහත් වයිරයෙන් පසුවිය.


නිසි වයස පැමිණි කල කුඩා චතුර් ශිල්ප ඉගෙනීම සඳහා බරණැස සුපතල පාඨශාලවක්වූ අනඳයට යැවින. ආරම්භයේ සිටම සියලු ශිල්ප ඉගෙනීමේ දක්ෂයෙකු වූ චතුර්ට වයස අවුරුදු 9ක් වනවිටම පාඨශාලාවේ කණිටු සිසු නයු තනතුර හිමිවිය. සිසු නායක වරුන්ට එදවස පලඳනා කාක පිහාටුව තම ජටාවේ පැළද ගත් චතුර් පාඨශාලාව තුල හැසිරුනේ මහත් ආඩම්බරයෙනි.සියලු ඇඳුරන්ගේ සිත දිනා ගනිමින් චතුර් වසරක් පුරා තම සිසු නායක කම ඉතා හොඳින් උසුලාගෙන පැමිණියේය. දිනක් විවේක කාලය තුල චතුර් තම හොඳම මිතුරා වන ගෝපාල් සමග සරඹ පිටිය කෙලවරකට වී පිලිසඳරෙහි යෙදී සිටියේය.ප්‍රේමදත්ත රජු සමග බද්ධ වයිරයකින් සිටි චතුර් තෙමේ රජුව ඉතා තදින් විවේචනය කිරීමට පටන් ගති. පාඨශාලව තුල දේශපාලන කතා තහනම් බව ගෝපාල් චතුර්ට මතක් කර දුන්නද චතුර් එය ඇසුවේ නැති. උස් හඬින් කල ඔහුගේ විවේචන එතනින් යන්නට ගියා දිසාපාමොක් ඇඳුරු තුමාට ඇසිනි. ඇඳුරු තුමා වහා එතැනට පැමින ලමුන් දෙදෙනාට බැණ වැදුනේය. රජතුමා විවේචනය කිරීමේ වරදට චතුර්ගේ සිසු නයු පිහාටුව වුව ගලවා දැමිය හැකි බව ඇඳුරුතුමා පැවසූයෙන් ගෝපාලන් වෙව්ලා ගියේය.




"ප්‍රේමදත්තගේ තිරිසන් ක්‍රියා හමුවේ නිවටයෙක් මෙන් අත පය හකුලා සිටීමට ඔබට ලැජ්ජා නැතිද ඇඳුරු තුමනි, මෙතරම් උගතෙකු වන ඔබට මේ කැනහිල් ක්‍රියා තරම් නොවේ".... චතුර් තම ගුරුවරයාට දරුණු වචනයෙන් මුහුනටම දමා ගැසීය.


"චතුර් තොප මේ කතා කරනුයේ කා සමග බව අමතක වීද? "
"ගලවනු තොපේ සිසු නයු පියාපත"..........ඇඳුරුතුමා යක්ෂාවේශයෙන් මෙන් ගුගුලේය.


"ඔහුගේ දුරදිග නොබලන වචන වලට සමාවන්න ඇඳුරු තුමනි.ඔහු වෙනුවෙන් මම ඔබෙන් සමාව අයදිමි".....යි පවසමින් ගෝපාල් තම ගුරුවරයාගේ පාද නමස්කාර කරන්නට සැරසිනි.


"එපා ගෝපාල්" චතුර් ඔහුව වැලකීය
"සිසු නයු පියාපත ගලවන සැටි මම පෙන්වන්නම්. අවුරුදු 6ක් වෙද්දි ප්‍රේමදත්තගේ කඳුලු වායු ප්‍රහාර වලට නොබියව මුහුණ දුන් මට, මේ පියාපත ගැලවීම මහ දෙයක් නොවේ"


"ඇඳුරුතුමනි තොපේ මේ නිවට සිසු නයු පිහාටු මට අළුයම ලූ කෙල පිඬක් තරම් වත් නොවටී. මෙන්න ඔබේ බලු නොවටින පිහාටුව"......චතුර් තම සිසු නයු පියාපත ඇඳුරාගේ පා මුලට විසි කරමින් පැවසීය."

"චතුර්, තොප නම් මහා මුග්ධයෙකි.....මම සිතා සිටියේ මගේ දක්ෂතම සිසුවා වන නුඹට මගේ දුවණිය සරණ පාවා දීමටයි. නමුත් තොපගේ මේ මුරන්ඬු ක්‍රියා කලාපය නිසා තොපට කිසි දිනක ඇයව පාවා නොදෙමි"

"නිවටයෙකු වන තොප වැනි පියෙකුගේ දියණිය මට නවදැලි හේනක වැඳිරියක් තරම්වත් නොවටී ඇඳුරු තුමනි"
"මගේ පියා දැනටමත් මට විජයකුමාර් කුමාරයාගේත් චන්ද්‍රිකාන්ති දේවියගේත් දුවණිය මට සරන දීමට තීන්දු කොට අවසානයි"".

ආඩම්බරයෙන් තම ගුරුවරයාට නිසි පිලිතුරු දුන් චතුර් නැවත තමන් පාඨශාලවට නො එන බව පවසා ඇඳුරු තුමාගේ දෙපා නමැද නික්ම ගියේය. ඇඳුරු තුමාගේ දියනිය "ශිවනාරි", තම කුටියේ සිට, නික්ම යන චතුර් දෙස හැපින්නක් මෙන් කෝපයෙන් පුපරමින් බලා සිටිනු ගෝපාල් දුටුවේය. තමා කවදා හෝ අනාගත බවයක ඉපදුනොත් ශිවන්‍යා ලෙස නම් කල නාග කන්යාවකගේ කතාවක් ප්‍රේම දඩයම යන නමින් නාටක ගත  කල යුතු බව ගෝපාල්ට සිතිනි.





Saturday, February 18, 2017

පින සමග බද්ධ වූ පුද පූජා විලාසිතාව







අද අපේ කථාව පුදපූජා විසින් අරක්ගත් පිං කිරීමේ කලාව ගැන. වර්ථමානය වෙද්දී බොහොමයක් අය තම බෞද්ධ වීම අර්ථදක්වාගෙන තිබෙන්නේ තම දෙමාපියන් බෞද්ධ ලෙස සඳහන් වීම නිසා උත්පත්තියෙන් තමන්ට ලැබෙන උරුමයක් ලෙස. ඉතින් මේ උත්පත්තියෙන්  ලැබෙන ආගමික උරුමය කරේ තියාගෙන තමන් බෞද්ධයෙක් බව කියාගනිමින් උද්ධාමයට  පත්වෙන්නේ පිංකම් කියලා ක්‍රියාවලියක් හා ඊටම බද්ධ වුනු පුදපූජා සමූහයක් පවත්වාගෙන යමින්.පොඩි කාලේ ඉගෙනගත්ත හැටියට තිසරණ සරණ යනව නම් ඔහු බෞද්ධයෙක් වෙනවා.මේ තිසරණ සරණ යාමේ අර්ථ දැක්වීම ඉතා පුලුල් එකක් විය යුතුයි(නැතුව හැමදාම කියන ගාථා පාඨ ටික තුන් පාරක් කිව්ව ගමන් තමන් බෞද්ධ වෙනවා කියන එක තරම් සරළ දෙයක් ද?) ....මට නම් හිතෙන්නේ උත්පත්තියෙන් ලැබෙන ජාතියට වඩා තාර්කික දෙයක් තමයි ආගම කියන්නේ.ආගම කියනදේ මිනිහෙකුට උපතෙන් ලැබෙන දෙයක් නෙවී. ආගම කියන්නේ පුද්ගලයාගේ තෝරාගැනීමක්. විවිධවූ ආගමික චින්තනයන් අධ්‍යයනය කරලා වඩා නිවැරදියි කියල තමන්ට හිතෙන චින්තන පද්ධතිය තෝරා ගෙන ඒ ඔස්සේ ගමන් කිරීමෙන් තමයි තමන් යම් ආගමක් අදහන්නෙක් විදියට හදුන්වගන්න පුලුවන් වෙන්නේ. ඒ අනුව බුදු දහමේ එන විමුක්ති මාර්ගයේ ගමන් කරන කෙනෙක්ට තමයි තමන් බෞද්ධයෙක් කියල හඳුන්වගන්න පුලුවන් වෙන්නේ. නැතුව මේ පිස්සුවෙන් වගේ කරගෙන යන පුද පූජා ක්‍රියාවලිය හා බැඳුන පිං කම් විලාසිතාව පවත්වගෙන ගියා කියල නම් නෙවෙයි.


බුදු දහමේ උගන්වන  විමුක්තිය නිර්වාණබෝධයයි. ඒක මරණින් පස්සෙ ස්වර්ගයක උපත ලබල, දෙවියෙක් වගේ සැප විදින ආත්මයක් ප්‍රාර්ථනා කරමින් කරන් යන ක්‍රියාවලියක් නෙවෙයි. ඒක පුද්ගලයෙකුගෙ ඉන්ද්‍රීය සංවරය මගින් පුලුල් කරගන්නා ඥාන අවබෝධයක්. එය  මරණයෙන් පස්සෙ ලැබෙන අමුතු මෙව්වා එකක් නොවෙයි, තමන් ගෙවන මේ ජීවිත කාලය තුලදීම ලබාගැනීමට වෙහෙසිය යුතු දෙයක් ලෙසටයි දැක්වෙන්නේ. අනෙක් ආගම් එක්ක බලද්දි එහි විශේෂත්වය වන්නේ මේ කියන අවබෝධය පුද්ගලයා විසින් තමන්ගේ කැපවීම සහ උත්සහය තුලින් ලබගතයුත්තක් මිසක් කිසිම ආකාරයක ඉල්ලීමක , පුද පූජාවක ප්‍රතිඵලයක් වශයෙන් ලබාගත නොහැකි වීම. කවුරුත් දන්න විදිහට මේ ක්‍රියාවලිය ශීල, සමාධි, ප්‍රඥා කියන අදියර තුනකින් යුක්ත බවත් එය ශීලයෙන් පටන් ගෙන ඉන් අන්තුරුව ඊලග අදියර දෙකට ගමන් කරමින් ක්‍රමානුකූල වර්ධනයක් ලබමින් දිවයන්නක් බවත් සඳහන්. ශීලයෙහි අරමුණ වන්නේ නිර්වාණ ක්‍රියාවලියට අදාල වන ශික්ෂණය පුද්ගලයා තුල ගොඩනැගීම.



අපේ කතාවේ වැධගත් තැන සලකුණු වෙන්නේ මෙන්න මේ ශීල ක්‍රියාවලිය තුල. බෞද්ධ ප්‍රතිපදා මාර්ගයේ ගමන් කරනවායැයි කියන අති බහුතරයක් දෙනා මෙන්න මේ ශීල අවස්ථාවෙන් එහාට තම ජීවිත කාලය තුල යන බවක් පෙනෙන්නේ නෑ.ඒ කියන්නේ පොඩි කාලේ ඉදන් වයසට ගිහින් මැරිලා යනකල්ම උත්සහ ගන්නේ  දස අකුසල් වලින් වැලකෙන්න. ඔය ක්‍රියාවලියට උදව් වෙන්න අපිට මුන ගැහෙන අනු කොටසක් තමයි පුද පූජා කියන්නෙ.මේ පුද පූජා ක්‍රියාවලිය ශීල අවස්ථාව තුල ලොකු භූමිකාවක් රඟදක්වනවා දකින්න පුලුවන්.මෙන්න මේ භූමිකාව එන්න එන්න වර්ධනය වීමෙන් තමයි වත්මන් බෞද්ධ අනන්‍යතාව ගොඩ නැගිල තියෙන්නෙ.



මුල් දේෂිත බුදු දහම ඉහත කිව්වාක් මෙන් පැහැදිලි වීර්යකින් යුත් නිශ්චිත ගමන් මාර්ගයක් තිබ්බ එකක් වුනත් පසු පසු කාලීනව ක්‍රමයෙන් එය වදින පුදන වටිනාකමක් තියන වාස්තවික අනන්‍යතාවක් ඇති දෙයක් බවට(ආගමක්) බවට පත්වෙනවා. මේක වෙන්නෙ රාජ්‍යය අනුග්‍රහය බුදු දහමට ලැබීමත් සමග. දුටුගැමුණු තම රජකම සඳහා ගෙනගිය සටනේ පැහැදිලි කොටස් කරුවන් ලෙස එදවස භික්ෂූන් පෙරමුණ ගත්බව ඉතිහාසයේ සඳහන්. ලෝකෝත්තර අවබෝධයක් වෙනුවෙන් දේශනාවූ දහමක් ගිහියන්ගේ රාජ්‍ය ලලාසාව වෙනුවෙන් කඩේ යන්නට පටන් ගත්තට පස්සේ සිද්ධවුනේ දහම යට ගිහින් උත්කර්ෂවත් සැනකෙළි සහ පුරාජේරු මතුවීම. මේ වෙනස් වීමේ තීරණාත්මකම අවදිය වන්නේ වළගම්බා රජ දවසයි. බැමිණිතියා සාය හේතුවෙන් අනතුරුදායක තත්වයකට ලක්වූ ත්‍රිපිටක ක්‍රියාවලිය, මුඛ පරම්පරාවෙන් වෙන්වී ග්‍රන්ථාරූඨ වන්නේ මේ කාලයේ. මේ සමයේ ඇතිවූ සිද්ධි දාමයත් සමග බුදුන් වහන්සේගේ මුල් ඉගැන්වීමේ වූ ප්‍රතිපත්තියත්( සීලාදී ගුණධර්ම පුරුදු කිරීම ) , ප්‍රතිවෙධයත්( නිර්වාණය අවබෝධ කිරීම ) පර්යාප්තියට( ත්‍රිපිටක ධර්ම ඉගෙනීඑම ) වඩා උතුම් කියන සංකල්පය අභියෝගයට ලක්වෙන බව වල්පොල රාහුල හිමියන්ගේ "භික්ෂුවගේ උරුමය" ග්‍රන්තයේ දැක ගත හැකියි. එහිදී පර්යාප්තිය  වඩා වැධගත් කියන මතයේ හිටපු ධර්මකතික භික්ෂූන්ගේත්, ප්‍රතිපත්තිය වඩා වැධගත් කියපු පංසුකූලික භික්ෂූන්ගේත් බෙදීම හේතු කොටගෙන තමයි ආරන්‍යවාසී හා ග්‍රාමවාසී කියන භික්ෂු දෙකොටස හැදෙන්නේ.


වියහැකි ලෙසම මෙහිදී සිදුවන්නේ ග්‍රාමවාසී භික්ෂූන් ඉතා ජනප්‍රිය වීම.ඔවුන් නිරතුරුවම එදවස රාජ්‍යත්වය සමග බැදීමක් ඇතිකරගත් නිසා මේ භික්ෂූ කොට්ටාසයට ඉතා ඉහළ සැලකිලි, විහාර දේපල සහ ධර්මය ඉගැන්වීම වෙනුවෙන් යම් දීමනාවක් පවා ගෙවූ බව සදහන්. රජවරුන්ගේ සම්බන්ධය එන්න එන්න වැඩිවෙද්දි දහම ක්‍රමයෙන් වාස්තවික අවස්ථාවට එන්නේ පුදපූජා හා සැනකෙළි දිනෙන් දිනම වැඩි කරමින්.

අවුරුදු දෙදාකට එහා රාජ්‍යත්වය හා කෙලින්ම සම්බන්ධ වෙමින් සිදුවූ මේ විකසනයේදී ශීල , සමාධි, ප්‍රඥා කියන පියවර තුනට ඉදිරියෙන් පුදපූජා කියන අලුත් ස්ථරයක් මුල්බැසගැනීම දකින්නට පුලුවන්.  පුදපූජා හා ශීල අවස්ථාව එකිනෙක හා දැඩිව බැඳී පවතින එකක් බවට පත්වීම සමග විමුක්ති මාර්ගයේ මුල් කොටස ඉතා වේගයෙන් වෙනස්වෙන්න වෙන්න ගන්නවා.ගෙවුණු කාලය පුරා මේ ආරම්භක ස්තරයේ ඝනත්වය එන්න එන්නම වැඩිවෙද්දි සමාධි හා ප්‍රඥා කියන ස්ථරයන් නොවෙනස්ව පවතින්නේ බොහෝ දෙනෙක් ඒ අධියරට යාම වැලැක්වී ඇති නිසා. ඉතින් කොහොමද මේ  පූජා+ශීල ස්ථරය දිනෙන් දිනම පුලුල් වෙන්නේ. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි  එහි ඇති වෙළඳ පොල වටිනාකම නිසා.සරළවම කියන්වනම් මේ කොටස ඉතා ඉහළ මිලකට විකුනන්න පුලුවන්. රජකාලේ පූජා ක්‍රමවලින් ආරම්භ වෙලා 1970 ගනන් වල හදුන්වාදෙන බෝධිපූජා සංකල්පය එකතුකරගනිමින් මේ වෙද්දි අසූහාරදාහේ පහන් පූජා, දාගැබ් මලින් වැසීම, පලතුරුවලින් වැසීම, තඩි තඩි සිවුරු මහලා දාගැබ් එතීම, වර්ග එකසිය ගණනකින් යුත් පලතුරු පූජා, දළදා පෙරහැරෙන් පටන්ගත් පෙරහර සංස්කෘතිය හැම පෝයකටම කරන පෙරහර දක්වා වර්ධනය වීම, කවි බණ,විලාසිතාකරණය වූ කඨින උත්සව, ජප කරපු පිරිත් නූල,පිරිත් පැන් සිට මෙකී නොකී හැම බක්කක්ම මේ  පූජා+ශීල ස්ථරයට එකතු වෙලා අවසන්. හෙට වෙද්දි තව තව අලුත් දෑ මේ ස්ථරය ශක්තිමත් කරාවි. මේ ශක්තිමත් වීමේ අංක එකේ හේතුව ඒ පිටුපස ගැවසෙන මුදල් කන්දරාව බව අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ.ඒ වගේම වර්‍ථමාන දේශපාලන බල අරගලයේත් ප්‍රධාන තුරුම්පුවක් බවට මේ ජනප්‍රිය ආගම් විලාසිතා ස්ථරය පත්වෙලා අවසන්. මේ ක්‍රමය යටතේ හැමෝටම කරන්න ඕනි වෙන්නේ පුලුවන් තරම් වස්තුව පොදිගහලා ඒකෙන් යම් කොටසක් ලොකු size ජනප්‍රිය පූජාවකට වෙන් කරන එක විතරයි. ඒ වෙන් කල කොටස විසින් අපේ දිව්‍ය ලෝක ටුවර් එකට අවෂ්‍ය  කටයුතු සම්පාදනය කරනු ඇති.

අවසන් වශයෙන්, ඉතා අන්ධානුකරනයෙන් මේ වෙළඳපොලකරණයට ලක්වූ ස්ථරයක් පස්සේ දුවන එකෙන් වලකින්න කියල තමයි හැමෝගෙන්ම ඉල්ලන්න තියෙන්නේ. මරණයෙන් පසු දිව්‍ය සැප සම්පත් හොයන දහමක් නෙවෙයි බුදු දහම කියන්නේ. ඒ නිසා මේ මිසදිටුබවෙන්  මිදෙන්න බැරි නම් අඩුගානේ බුද්ධාගම හෙන දාර්ශනික ආගමක් , පට්ට විද්‍යාත්මකයි වහේ talks දෙන එකවත් නැවැත්තුවොත් හොදයි. මොකද ඉතාම අතාර්කික පුද පූජා ගොන්නක් කරේ තියන් පිං පිං කියා රට වටේ දුවන ගමන් බුදු දහම හරිම දාර්ශනිකයි කියන එක පට්ට ජෝක් එකක් නිසා....

Saturday, February 11, 2017

වැලන්ටයින්, පෙනෙන තරමට රෝසපාට නැත







මේ ලිපිය ලියන්න සති කිහිපයක් තිස්සේම හිත හිත හිටියත් කම්මැලිකම විසින් මාව පස්සට ඇද්දා.නමුත් නැවත මේක ලිවිය යුතුමයි කියල හිතුනේ Billboard Women In Music 2016 සම්මානය දිනාගනිමින් මැඩෝනා  කල කතාව අසන්නට ලැබීමත් සමග.මේ කතාවෙන් ඉතා අපූරුවට මතු කරන දෙය තමයි අපේ මේ ලෝකය පිරිමින් විසින් වියන ලද්දක් බව.එහි ගැහැනිය යනු වස්තුවක් පමණයි.ඒ වස්තුව හැසිරිය යුතු ආකාරය තීරණය කලයුත්තේ පිරිමින් විසින්.කාලෙන් කාලෙට මේකේ physically updated versions එනවා.නමුත් කාන්තාවක් සදහා නිමවූ මූලික දෘශ්ටිවාද පද්ධතිය මේ physical updates වලින් වෙනස් වෙන්නේ නෑ.එම සීමාවන් වලින් එහාට සිතීමට හෝ අභියෝග කිරීමට වස්තුවකට හැකියාවක් නැහැ.වැධගත්ම දේ තම්යි එම සීමවන් අතික්‍රමණය කිරීමට උත්සහ කරන කාන්තාවන්ට පලමු ප්‍රහාරය එල්ල වන්නෙත් කාන්තාවන්ගෙන්ම වීම.ඒ හැසිරීම් රටාවත් පිරිමින් විසින්ම කාන්තා මනස තුල රෝපණය කරවූවක්. ගැහැණියක් අම්මා කෙනෙක් වුනාම ගෙදරට වෙලා දරුවො බලන් ඉන්න ඕනි, තමන්ගේ හැගීම් ආවේග සියල්ල පාලනය කලයුතුයි, ඒ සදහා "ගෙදර බුදුන් අම්මා" කියල title එකක් සිංහල සමාජ ක්‍රමය විසින් හදලා ගැහැණියව මුරුංගා අත්තේ නැග්ගුවෙත් එවැනිම රෝපණ ක්‍රියාවලියක් මගින්.

මීට මාසෙකට විතර කලින් බලපු Pink හින්දි චිත්‍රපටයෙත් පිරිමින් විසින් කාන්තාවන් උදෙසා වියනු ලැබූ රාමු වලින් පිටත හැසිරෙන්නට උත්සහ ගන්නා ගැහැණු ළමුන් තිදෙනෙකුට වෙන අකරතැබ්බය හොදින් නිරූපණය වුනා.එහිදීත් කියවුනේ ඔවුන්ට කැමත් විදියට අදින්නට පලදින්නට කතා කරන්නට, සිනහසෙන්නට, පිරිමියෙකු සමග තනිවෙන්නට හෝ මත්පැන් පානයට නිදහස දී තිබුණත් එම කතා බහෙන්, ඇඳුමෙන්, සිනහවෙන් හැගවෙන දෑ තීරණය කිරීමේ බලය ඇත්තේ පිරිමින්ට බව.ඇය යම් ඇදුමක් ඇන්දානම් එයින් කියවෙන නිශ්චිත අදහසක් පිරිමි මනස තුල ගොඩනැන්වෙනවා.එය තමයි නිවැරදි අර්ථකතනය. එය නැවත ප්‍රති අර්ථදැක්වීමට හෝ පිරිමින් විසින් වැරදියට වටහාගත් තම හැසිරීම සාධාරනීකරනය කරන්නට කාන්තාවකට අවසර නෑ.කරනවනම් කරන්නට තිබෙන්නේ තම නිදහස් ක්‍රියාකලාපය හකුලා ගැනීම පමණයි. සාම්ප්‍රදායික රාමුවලින් පිටතට යෑමේ නිදහස අද දවසේ කාන්තාවන්ට ලැබී තිබුණත් ඒ ප්‍රවේශයන්ගෙන් පිරිමි මනස තුල නිර්මාණය වන සිතුවිලි සහ නිගමනයන් තවමත් පවතින්නේ සුපුරුදු හමස් පෙට්ටි වලමයි. ක්‍රියාවන් සඳහා ඇති අවකාශය කොතරම් ලිබරල් වුනත් ඒවයින් ගොඩනංවාගන්නා අදහස් තවමත් බොහෝ දුරට ගතානුගතිකයි.

මේ අංශබාග ලිබරල්කරණය අද දවසේ ආදරය තුලට කඩාවැදිලා ඉවරයි. අපේ අම්මලාගේ ආච්චිලාගේ කාලෙට වඩා දැන් කාලේ ප්‍රේමය හෙනම ලිබරල්. ඒකාලෙ වගේ මාස ගනන් කට්ට කාලා ලෝකෙට හොරෙන් ලියුමක් දෙන්න , වචනයක් කතා කරන්න පැය ගානක් හන්දි ගානේ චාටර් වෙන්න උවමනාවක් දැන් නැහැ. තාක්ෂනයේ දියුණුවත් එක්කම ඒ දේවල් දැන් ලේසි වෙලා. ඒ වගේම ආර්ථික හා සමාජීය වෙනසත් සමග කෙල්ලෙක්ගෙන් yes එකක් ගන්න දැන් මහ කාලයක් ගත වෙන්නේ නෑ. Sms වලඉන් fb chat වලින් viber වලින් හා මෙකී නොකී සෑම digital application එකක්ම ආදර ක්‍රියාවලියේ initial steps ටික ඉක්මන් කරල දීල තියනවා.ඒ මූලික අදියරෙන් පස්සෙ ඉතුරු ටිකත් මුලදී කතා කරපු අංශබාග ලිබරල්කරණය යටතේ වේගවත් වෙලා. ඉස්සර වගේ කෙල්ලගේ අතින් අල්ලන්න කම්මුලට කිස් එකක් දෙන්න, අවසර ඉල්ලමින් වාත වෙන්න ඕනි නෑ. කොටින්ම sex කරන්නත් දැන් ඉස්සර වගේ කසාද බදිනකල්ම කට්ට ඕනි නෑනෙ. ඒවාට අවශ්‍ය සිතුවිලි වල නිවහල් බාවයත් යටිතල පහසුකම් ( ඉස්සර වගේ මල් වතු වල ගස් අස්සෙයි beach වල ගල් අස්සේයි රින්ගන්න ඕනි නෑ.දැන් හැම තැනම ඕනි පදම් rooms තියෙන්නෙ ) වල දියුණුවත් දැන් හොදින්ම නිර්මාණය වෙලා ඉවරයි.මේ කිසිවක් වැරදි දේවල් නෙවි, පුද්ගල නිදහස හා තීරණ ගැනීමේ අයිතිය ඉස්මතුවුණු අවස්ථාවන්

නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ වැරදිලාවත් මේ පටන් ගත්තල love එකක් break වෙන තැනකට ආවොත්....
මෙන්න මේ breakup steps ටික startup steps ටික ලිබරල්කරණය වුනු තරමින් ලිබරලකරණය වෙලා නෑ.ඇත්තටම කිව්වොත් වෙලා තියෙන්නේ ගෝත්‍රීකරණය වීමක්.ආදරය පටන් ගන්න ක්‍රියාවලිය සහ ඒක පවත්වා ගැනීම ඉතාම නිදහස් මතවාදී ලෙස සිද්ධ වුනත් වෙන්වී යාමකදී පිරිමි පාර්ශවය, මුලදී කිව්ව අධිකාරී බලය ඉතා නිහීන ලෙස පාවිච්චියට ගන්න යුගයක් මේක. කාන්තාවක්  ස්ව කැමැත්තට අනුව සම්බන්ධයක් නතර කරද්දි පිරිමින් විසින් ඇයගේ චරිතය ඉතාම ජඩ විදියට ඝාතනය කරන්න දැඩි උත්සහයක් ගන්නවා. videos, photos  අන්තර්ජාලයට මුදාහැරීම්, තවත් නොයෙකුත් හිරිහැර, තර්ජන ,බියවැද්දවීම් හා චරිත ඝාතන ප්‍රයත්න වල එන්න එන්නම වැඩිවීමක් පෙනෙනවා. මෙහෙම සිද්ධියකට මුහුණදීපු කාන්තාවක් සමාජ ජාල හරහා අනෙක් පිරිමින්ගේ ගොදුරක්බවට පත්වෙනවා. Fb pages වලට groups වලට සතිගානක් තලු මරන්න හොද බයිට් එකක් බවට පත්වෙනවා.ඒක තමයි මම මේක අංශභාග ලිබරල්කරණයක් කියල හැදින්වූයේ.

මේවා තුලින් පෙනෙන ප්‍රධානතම දේ තමයි තීරණ ගැනීමේ අයිතිය, ලිංගික ආශාවන් ඉටුකරගැනීමේ නිදහස,ඒ පිලිබඳ මතයක් දැරීමට ඇති අයිතිය කාන්තාවන් අතට දීමට මේ පුරුෂ වියමන තුල ඉඩ නැති කම. භෞතිකව කොයිතරම් නිදහස් විදියට පෙනුනත් අදහස් අතින් අධිකාරී බලය තවමත් තියෙන්නේ පිරිමින් අතේ.එයට අභියෝගකරන කාන්තාවන් හෙලා දැකීම හා පාගා පොඩි කරදැමීම ඉදිරියටත් ක්‍රියාත්මක වීමට නියමිතයි. පිරිමින් වෙනුවෙන්  වූ ඒ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව බාරගෙන ඇත්තේත් කාන්තාවන්මයි. බටහිර හැදී වැඩී ජීවිතය ගෙන යන මැඩෝනාගේ මේ වචන වලින් අපිට තහවුරු කරනවා බටහිර රටවල පවා අදහ්ස් වල ආධිපත්‍ය තවමත් පිරිමින් සතු බව. පිරිමින්ගේ ආශාවේ වස්තුව වන කාන්තාවට ලැබී ඇතැයි පෙනෙන වර්ණවත් කල එලිය හුදු මායාවක් පමණක් බව.

"...There are no rules, if you are a boy. If you are a girl you have to play the game..What is that game? . you are allowed to be pretty ,cute and sexy. But don't act too smart.Don't have an opinion.......
You are allowed  to be objectified by men and dressed like a slut but don't own your sluttiness and do not share your own sexual fantasies  with the world. Be what man want you to be. But more importantly be what women feel comfortable with you being around other men....."