මේක හෙන
කාලෙකට උඩදී ලියවුනු කවි පෙලක් වන්නේය.ඒ කියන්නේ මේක ලියවෙන්නේ නයියා
A/L
කොරන
කාලයේදීය.ඒ කියන්නේ 2008 දීය.මීට
කලිනුත් කියා ඇති පරිදි නයියාගේ හිත ඇදී ගිය කෙලි පොඩ්ඩක් ඒකාලෙ A/L tuition
class එකේ
සිටියේය.ඒකිගේ මූනට කතා කර ගැනීමට කොන්දක් නොතිබූ අසරණ නයියා කොලේ හිතට එන බොලද
වදන් කවි වලට පෙරලීමය.එසේ පබැදුණු කවි පුස්තකය පසුගිය වසර 5 පුරා තිබුණේ
නයි කෑල්ල
ලගය(ඒ කියන්නේ නයියාගේ girl friend). කෑල්ල කසාද බැන්දායින් පසුව(ඒ කියන්නේ නයි කෑල්ල,නයි හාමිනේ වූවාට පසුව
) එයා දෑවැද්ද ලෙස නයියාට නැවත කවි පොත බාරදුන්නාය.
ඒකෙ ඇති සමහරක්
එව්වා කියවන විට නයියාටම අප්පිරියා හිතෙන තරමට හෙනම ඕලාරික හා බොලද එව්වාය.ඒ අතර
නයියාට අම්තක නොවන මේ කවිය ලියවුනේ බස් එකේ යන ගමන් විනාඩි 5ක් තුලදීය.ඒ දින වල කලුතර chemistry
class යනකොට කලුතර town එකේදී දුටු හෙන poshපිට ඇදගත් sexy ගෑල්ලමයෙක් එදා
සුදුවතින් සැරසී කලුතර බෝධිය දෙසම නෙත් යොමා ඇගිලි තුඩු එක් කර සමාධියකට සමවැදී
සිටියාය.බස් එකේ කෙලවරේ සීට් එකක වාඩි වී සිටි නයි ගැටයා chemistry පොතේ අන්තිම පිටුවේ මෙසේ
කුරුටු ගැවේය.
රැස් විහිදා
දිදුලන ගත සගවන්න
සුදෝ සුදින්
සරසා ගත් සලු ඇතිව
පින් මහිමෙන්
තෙද කලුතර බෝධියට
සදවතියක් පායා
ඇත දහවලක
අතවූ පිරිත්
පොත උකුලට වඩම්මවා
ආදර දෙනෙතක්
පින්බර
කරගත්තා
සිත තුලවූ සැම
පැතුමන් පොදි බන්දා
දොහොත් මුදුන්
දී එකිනෙක සිහිකෙරුවා
පිරිත් පොතේ
වූ ගාථා මුමුනන්නා
පින්බර දෙනෙත
අඩවන් වී ගෙනයන්නා
ඒ දෙනෙතින්
කිසිවක් තව නොසොයන්නා
පෙර දින දුටු ඔබමද මේ, මට සිතුනා