වර්ථමානයේ ආගම් වල හැසිරීම පිලිබද සොයා බැලීම හරිම interesting කාරණයක් කියල හිතෙනවා.මේක ලන්කාව හා ලෝක මට්ටමෙන් සොයා බලන්න පුලුවන්නම් ඉතා වටින කාරණයක්.ඉස්සරහට මේ පිලිබද දීර්ඝ ලිපි පෙලක් ලියන්නයි නයියාගේ අදහස.ඒකට තවදුරටත් ආගමික සන්කල්ප ගැන දැණුම වැඩි දියුණු කරගෙන ඉන්න අවශ්‍යයි.නමුත් දැනට අපි දන්නා කරුණු වලින් මේ පවතින ලෝකයේ ආගමික භාවිතාව පිලිබද අදහසක් ගන්න එක ඒ තරම් අමාරු දෙයකුත් නෙවි.
කොහොම නමුත් තවදුරටත් ආගම් තුලින් ලෝකය යහපත් තැනක් කල නොහැකි බව පැහැදිලියි.මොකද මේ වෙනකොටත් ආගම් විසින් කල යුතු උපරිම යහපත මානව ශිෂ්ඨාචාරය වෙනුවෙන් කරල ඉවරයි.ලෝකය ශිෂ්ඨාචාරගත කරන්න,මානව හිමිකම් පිලිබද අදහසක් ගේන්න, දැනට පවතින මූලික නීති රාමුව උනත් සකස් කරන්න ආගම් තුලින් විශාල සේවයක් වුණු බව පැහැදිලියි.ඇත්තටම මේ කරුණු ගැන මුලින්ම අදහස් පලවෙන්න ගත්තේ ආගම් තුලින් වියයුතුයි.ආගම් තුලින් ඉපිද ලෝක ජීවන ප්රවනතා වලට ඒවා නිසි ලෙස ඇතුලත් කිරීමේ උපරිම තැනට ආවට පස්සෙත් ආගම කර තියාගන්නට යෑමෙන් අපිව යොමු කරන්නේ අන්තවාදයට.තම තමන් විසින් ආගම් තුලින් ඉගැන්වෙන ගැඹුරු කරුණු ස්ව අධ්‍යයනයකට යොමු කරමින් ප්රගතිශීලී ගමනක් යනවා හැරෙන්නට තව දුරටත් වදිමින් පුදමින් කරතියාගන්න ගියොත් අන්තවාදයේ කෙලවර කරා යෑම හැර වෙන දෙයක් වෙන්නේ නැත.
බොහෝ ආගම් වල මානව නිදහස,ජීවත්වීමේ අයිතිය ආදී දැනට ලෝකයේ පිළිගැන්මට ලක්ව ඇති මූලික නීති රාමුවලට අදාල කරුණු ඉදිරිපත් කලාට පස්සෙ එතනින් එහාට යන ඒ ඒ ආගමට අනන්‍ය දේශනාවක් තියනවා.නමුත් බොහෝ දෙනා ඒ ගැඹුරු අධ්‍යයනයට යන්නේ නැතුව තම තමන්ගේ ආගමට විශේෂ උනු පුද පූජා හා භාවිතාවන් සමූහයකට කොටුවී ඉන්නවා.තමන් කොටු වෙන්නේ මොන පුද පූජා විශේෂයටද කියන එක තීරණය වෙන්නේ අපේ උත්පත්තියේදීම අපේ නමට ඉස්සරහ register වෙන ආගම කියන කොටුවේ තියන දත්තය මත.ඇත්තටම මේ උප්පැන්න සහතිකය ඉස්සරහ අපේ අනු දැනුමකින් තොරව, කොටින්ම ආගමික සන්කල්ප වලටත් විරුද්ධව යමින් පුද්ගලයාගේ තෝරාගැනීමකින් තොරව register කරන ආගම නිසා අපේ මුලු ජීවිත කාලය පුරා අපි කර තියන් යා යුතු විශ්වාස හා ඇදහිලි සමූහය අපේ උපතේදීම තීරණය වෙනවා.මේ ගැන දිගින් දිගට කතා කල යුතු උනත් ඒක ඉදිරියට කල් තබලා අද කියන්න ආපු දේ කියන්නම්.ඒකත් අර කියපු registration එක හා සම්බන්ධ දෙයක්.
පහුගිය දවස් වල අපේ යාලුවෙක් අපූරු fb පෝස්ට් 2ක් share කලා.ඉන් එකක් අපේ ඤානානන්ද හාමුදුරුවන්ගේ එකක්.ඒකෙ කියවුනේ එක්තරා පුද්ගලයෙක්ගේ ඇගේ ලාටු වලින් හැදිච්ච ගෑනියක් ඇලිලා ඉදලා ඔහුව ලෙඩ කරන් ඉදලා.ඔහුව සුවපත් කරල තියෙන්න අහසින් ආපු දේව බලේකින් ඔහුව අමතලා.අන්තිමට පොර උඩට ගිහිල්ලා ගුවනේ රැදී ඉදලා.ඒ වෙනකොට අන්ශබාගෙ ත්ත්වෙක හිටපු ඒ මත්මයාට තමන්ගේ නෝනව තනි අතින් උස්සන්න පුලුවන් උනා කියලත් තියනවා.ඉතින් අපේ හාමුදුරුවන්ගේ page එකට ගියොත් මේ වගේ දේව කතා,ලාටු ගෑනු කතා හා ශුක්‍රානු භූතයන්ගේ කතා ගොඩක් අපිට කියවන්නට ලැබෙනවා.
අපේ යාලුවා share කරපු අනික් post එක, අපේ ආසිරි වනිගරත්න මහත්තයගෙ විනාඩි හතරෙන් දෙවියන්ව යාලු කරල දෙනව කියල තිබ්බ දැන්වීමක්.එතුමගේ page එකට ගියාමත් ඔය දෙවියො ගොඩදාගෙන විබාග පාස් වෙන ඒවා,මන්තර කියල පොත් කොට්ටෙ යට තියාගෙන දැනුම ලබා ගන්න ඒව වගේ ගොඩක් මන්තර බලයෙන් කල හපන්කම් අඩන්ගු වෙන ලිපි හා videos බලාගන්න පුලුවන්.ඒකෙ තියන එව්වා අනුව දෙවියන් කියන්නෙ තනිකර ආසිරි මහත්තයගෙ ක්‍රම වලින් ගොඩ දාගන්න පුලුවන් සැට් එකක්.
මේ පෝස්ට් දෙක ගැන අදහස් අපි අපේ යාලුවො සෑහෙන ප්‍රමානෙකින් විමසුවා.ඒ වගේම මේ පෝස්ට් දෙකට වැටුණු comments පවා හැදෑරුවා.මෙයින් අපේ හාමුදුරුවන්ගෙ ලිපිය ගැන fb comments දාලා තිබ්බේ මට මතක විදියට දෙන්නෙක් පමනයි.ඒ දෙදෙනාම බුදු දහම ගැන දීර්ඝ විස්තරයක් කරල ඔවුන්ට හැගෙන හැටියට හාමුදුරුවන් කියන මේ කරුණු බුදු දහමට ගැලපෙන්නේ නැති බවට තර්ක කරල තිබ්බ.අපි වාචිකව අදහස් විමසපු බොහෝ දෙනා කිව්වේ "අනේ මන්ද බන් ඕවා" කියල.සමහරු කිව්වේ හාමුදුරුවන් කියන එක ප්‍රතික්ශේප කරන්න තමන්ට දැනුම මදී කියල.ඒ ගැන හදාරලා තමයි අපිට හසු නොවන මානයේ ඇති මේ වගේ දේවල් ගැන අදහස් දක්වන්න වෙන්නේ කියල.තවත් කිහිප දෙනෙක් බුදු දහමට ගැලපෙන්නේ නෑ වගේ නේද කියල ඇහුව.ඒක කියල අනේ මන්දා ඉතින් කියලත් කිව්වා.තවත් බොහෝ දෙනෙක් මේ කථාව 100%ක් නිවැරදි කියල ඇගට ගොඩ උනා ඒ ගැන පව්කාරයෝ වගේ තර්ක කරන්න එපා කියල.ඒ අය කිව්වේ අපි එක්ක ඒ ගැන තර්ක කරන එක පවා පව් පිරෙන වැඩක් කියලා
ඊට පස්සෙ අපි එන්නේ ආසිරි මහත්මයගෙ පෝස්ට් එක ගැන.මේ පෝස්ට් එක share කරලා පැය 6ක් යන්නටත් මත්තෙන් ඒකට වැටුනු comments ගනන 30කට ආසන්නයි.ඒ හැම එකේම තිබුනේ ආසිරි වන්චාකාරයෙක්,පිස්සෙක් හා ඒවා විශ්වාස කරන මිනිස්සු පුන්නක්කු කවන්න ඕනි හරක් වගේ ජාතියක්ය කියලා.වාචිකව අදහස් විමසපු අයත් කුණුහරුපෙනුත් එක්ක ආසිරිට අපහාස කරගෙන ගියා.
ඉතින් මේ වෙනසට හේතුව කුමක්ද?....විවෘත මනසින් මේ කථන්දර 2 දෙස බලන ඕනෑම කෙනෙක්ට මේ දෙකම එක හා සමාන විකෘති ප්‍රකාශ 2ක් බව පැහැදිලියි.නමුත් හාමුදුරුවන්ගේ ප්‍රකාශයේ ඇත්තක් බව පිලිගන්නා අයට සහ එය ප්‍රතික්ශේප කිරීමට මැලි වන අයට ආසිරිගේ ප්‍රකාශය බැහැර කල හැක්කේ කෙසේද?....එයට හේතුව අපි මුලින් සදහන් කල අපේ නම ඉදිරියේ register කර ඇති ආගම නිසා බව ඔබට පැහැදිලි වනු ඇති.ආසිරි මහත්මයාත් සිවුරක් දරමින් තෙරුවන් ගාවා ගනිමින් තම මතය ගෙන ගියා නම් ඤානාන්ද හිමියන්ගේ ඉහත කී කරුණු සරණ යන අය ඔහුවත් පිලිගන්නවා නොඅනුමානයි.
වර්ථමාන ධනවාදී, අධිපරිභෝජනවාදී ජීවන රටාව තුල දිනෙන් දින අධික ලෙස පරාරෝපණයට ලක්වන මිනිසා එහි ප්රභවය, අපිට නොපෙනෙන අත්භූත බලවේගයක් බව විශ්වාස කිරීමට පෙලබෙනවා.තමන් විසින්ම සන්කීර්ණ කරගන්නාවූ ලෝකයෙන් තමන්වම පෙලීමට ලක්වන විට මිනිසා වැඩි වැඩියෙන් මෙවැනි මිථ්‍යාවන් කරා යොමු වන බව පැහැදිලියි.මේ මිථ්‍යාවට නැඹුරුවීමේ අඩුවක් නම් දකින්නට නෑ.ඒ නිසා මුලින් කීවාක් මෙන් ආගම් වල ඇති හරවත් කියවීම පසෙකලා මිනිසුන් වැඩි වැඩියෙන් තම අසරණ භාවය මග හරවා ගැනීමට පුද පූජා කෙරෙහිම යොමු වෙනවා.කොටසක් වැදුම් පිදුම් කරමින් මිථ්‍යාව තුලම ගිලෙන අතර තවත් කොටසක් ඒ තුලින් අන්තවාදයටත් හින්සාවටත් යොමුවෙනවා.පසුගිය කාලය පුරාම ඉස්ලාමය තුල මෙය දැකිය හැකි වුනු අතර අන්තිම අවුරුදු 3,4 තුල බෞද්ධ අන්තවාදයක් කරාද සමාජය යොමුවෙමින් පවතින එකෙන් ඒ කරුණ සනාථ වෙනවා.
ඉදිරි ලිපි සැට් එක එනකල් මේ දෙකත් කියවන්න,