Saturday, October 31, 2015

මෙතෙක් කල් ගුටි කෑ සැමට...



ඊයේ දිනය ලාන්කීය ශිෂ්‍ය ව්‍යාපාරයේ ලේ සෙලවෙන්නට සැරටම පහර වැදුන දිනයක් වූයේය.ඉතිහාසය පුරා මර්ධනයෙන් ගිනියම් වෙමින් කිසිදා නිවී නොයමින් පවතින්නාවූ ඒ තරුණ ජවය නිසා අදටත් මෙරටේ නිදහස් අධ්‍යාපනය හුස්ම ගනිමින් තිබෙන්නේය.මර්ධනය හමුවේ සැලී ගිය අවස්ථා කොතෙකුත් තිබුනත් ඒ ජවයට තිත තබන්නට කිසිදු දුර්ධාන්ත පාලනයකට අවස්ථාව නොලැබුනේ හෙට උපදින දරුවන්ගේ වාසනාවටය.

ඊයේ සිදුවූ ම්ලේච්ඡ පහරදීම බොහෝ දෙනා බලනුයේ තම දේශපාලන උපැස් යුවල දමාගෙනය.මහින්ද්ට ඡන්දය දී තවමත් මහින්දගේ අවතාරය සමග නිදි වදින උන්ට මේ පහදීම හෙන චූන් එකකි."ආ දැන් ඇතිද උබලට කොරගත්තා මහින්දව ගෙදර යවලා.." අසමින් උන් දුක් වන්නේ ගුටිකෑ කොල්ලන් කෙල්ලන් ගැන නොව පැරදුනු මහින්ද ගැනය.MY3 ට ඡනදය දුන් උන් ඒ කාලේ ගහලා විතරක් හිටියේ නෑ අර කොල්ලො දෙන්නෙක්ව මැරුවත් එක්කනෙ.. කියමින් තමන් MY3ට ගැසූ කතිරය තමන් විසින්ම සාධාරණීකරනය කරගන්නේය.මේ uncleලා දෙන්නා ගැන නොසිතමින් සිද්ධිය දෙස බලන්නේ නම්, එහි ඇති කුරිරුකම, දේශපාලන කුහකත්වයෙන් තොරව බලන්නට හැකි නම් එය ඉතා වටින්නේය.

අපේ පොලීසියේ අයියලා ගැන ඉතින් කියන්නට දෙයක් නැත්තේය.පහු ගිය ටිකේ කොණ්ඩ්යා සමග ආතල් ගන්නට ගොහින් අම්බානක චාටර් වී ඉන්නා වේලේ මේ වගේ පඩත්තල කෙල්ලෝ ටිකකට නෙලා ඒ හිතේ අමාරුව හොද කරගන්නට ඇත්නම් ඉතින් ඊට වඩා ලල් එකක් තියෙන්නට බැරිය.කෙල්ලො කියලා බලන්නේ නැතුව ලේ පනින්න නෙලුවේ ඒ හිතේ අමාරුව නිසාය.නැත්නම් ඉතින් කවදාවත් අපේ පොලෝසියේ මහතුන් මේන් කියා අපිට නම් ඒ කාලේ අතක් උස්සලා නැත්තේය.

කොහොම උනත් ඉතින් කියන්නට ඇත්තේ මේ මාමිලා දෙන්නාගෙන්ම නිදහස් අධ්‍යපනය සුරකින,ඒක පුලුල් කරන, A/L සමත් සියලු දෙනාට රාජ්‍ය වි.වි ලබාදෙන වැනි සීනි බෝල බලාපොරොත්තු නොවන ලෙසයි.ඒක මේ මාමිලා දෙන්නාගේ වැරැද්ද නොව මේ නූතන ධනවාදී මෙව්වා එකේ හැටිය.ඒකේදී හැම මගුලටම මිලක් ඇති කල්හී, ගුණය වදවී යන්නේය.එකල්හී රාජ්‍ය-නිදහස් අධ්‍යාපනය යනු මෙලෝ කමකට නැති අමතර බරක්ය.ඒ නිසා මේ මයිත්‍රී කරන 2015 විදිය නොව පහු ගිය අවුරුදු ගණනාව පුරා අධ්‍යාපන අයිතීන් උදෙසා පාරට බැස්ස එවුන්ට ම්යිත්‍රී කිරීමේ සාමාණ්ය system එකය.
ඒක නිසා නිදහස් අධ්‍යාපනයේ උන්නතිය,පැවැත්ම හා සන්වර්ධනය වෙනුවෙන් තවත් බොහෝ ලේ දහඩිය හලන්නට සිදුවන්නට වනු ඇත්තේය.එය නිම නොවනා අරගලයකි.එය කරට, ගන්නට එය වෙනුවෙන් හඩ නගන්නට එහි ඵල විදිමින් සිටිනා උන් මෙන්ම ඵල නෙලූ උන්ටද වගකීමක් හා යුතුමක් ඇත්තේය.


මේ සියලු අල්ල පනල්ල අතරේ campus වල ඉගෙන ගන්න නන්ගිලා මල්ලිලාටද කිය්න්නට යමක් ඇත්තේය.උබලා ඕවාට ආවේ ලන්කාවේ මහා තොගයක් අතරින් තේරිලාය.ඒ විදින්නාවූ නිදහස් අධ්‍යාපනයේ මහගු ඵල අපේ අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීම උබලාගේ මෙන්ම එහි ඵල බුක්ති විදි අපේද යුතුකමක් වන්නේය.නමුත් උබලා ඔය කරනා සටන් වලින් වැඩි හරියක් බැනුම් අහන්නේ උබලාය.ඒයට් හේතුව වී ඇත්තේ උබලා කරන සටන රටේ සාමාන්ය ජනතාවගේ දැනුමට ගෝචර වී නැති නිසාය.එය එසේ වී ඇත්තේ උබලා කරන සටනේ තෙරුම උබලා නොදන්නා නිසාය.ඔය පිකට් වලට එන අති බහුතරය්ක් එවුන් එන්නේ වි.වි පද්ධතියේ ඇති සැබෑ ගැටලු ගැන මෙලෝ තේරුමකින් නොවන්නේය.සමහරු එන්නේ සින්නන්ට ඇති බය නිසාය,තවත් උන් එන්නේ යාලු fit එකටය,තවත් උන් එන්නේ ආතල් එකටය.එසේ පැමින මුලු රටක සාමාන්‍ය ජනයා යන එන පාරක් හරස් කරන් අපි පිකට් කරන්නෙමු.ඒ පිකට් වලින් වැඩිපුරම අසරණ වෙන්නෝ අන් කවරෙකුත් නොව අපේ නිද්හස් ඉගෙනුම වෙනුවෙන් බදු මුදල් ගෙවනා අපේම අම්මලා තාත්තලාය.ඉතින් ඒ මිනිස්සුන්ව අපහසුතාවට පත් කරමින් මේ කරනා අරගලය උබලා බොහෝ දෙනෙකුගේ හදවතේ නැති බව මම නම් ඉදුරාම දනිමි(අපේ campus කාලයේදීද ඒක එසේම වූ නිසාය).Campus ව්ල ඉන්න 80%ක් දෙනාට වි.වි පද්ධතියේ,තම උපාධියේ, තිබෙනා ගැටලු ගැන අවබෝධ්යක් නැත්තේය,union කරන උන්ට ඒවා සමස්ථ වි.වි සිසුන් අතර සන්වාදය බදුන් කිරීමට උවමනාවක් නැත්තෙය.උන් කොහෙන්වත් එන ඉල්ලීමක් අනුව අපිව පිකට් වලට දක්කාගෙන යන්නෝය.ඒවාට ගොහින් අපි බුදු මොරාල් පිට කෑ ගසන්නේය,පොලීසියට හූ කියන්නේය,කදුලු ගෑස් කා ලේ පෙරාගෙන ගෙදර එන්නේය,fb එකේ දවස් 2ක් පමන post share  කරන්නේය,ආයේ පිකට් එකක් එනතුරු වැඩේ එතනින් අහවර වන්නේය.ප්‍රශ්නය ඇත්තේ එතනය.අපේ නිදහ්ස් අධ්‍යාපනයට,අපේ උපාධි වල ඇති අඩුපාඩුකම් ගැන නොබිදෙන ගලායන  සන්වාදයක් වි.වි ශිෂ්‍ය ප්‍රජාව තුල නැති බැවින් අපේ මහා සමාජය තුල ඒ ගැටලු ගැන අවබෝධ්යක් නොමැත්තේය.උබලාගේ ඔය අධ්‍යාපන අයිතීන් කප්පාදු කරන එවුන්ගෙන්(අධ්‍යාපන නිලධාරීන්) 90%ක්ම රජයේ වි.වි තුල අධ්‍යාපනය හදාරා නිදහස් අධ්‍යාපයේ මහිමයෙන් ගොඩ ගිය උන්ය.උන් campus කාලේ උබලා මෙන්ම  නිදහස් අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් පාරේ අම්බ කටු කෑ එවුන්ය.නමුත් දැන් උන්ට ඒවා අමතකව ඇත්තේ උන් එදා ඕවා කලේ හදවතින් නොවන නිසාය.උන්ද එදා පාරට බැස්සේ කාගේ හෝ කීමකට විනා හදවතින් ප්‍රශ්නය දැකලා නොවේය. ඒ කාලේ පාරවල් වල හෙන ඩෙගා නැටූ,තාප්ප උඩ නැග අපට talks දුන් union leadersලා බොහෝ දෙනෙක්ට campus එකෙන් out වූ පසු නිදහස් අධ්‍යාපනය යනු කුමක්ද කියාවත් අද මතක නැත.campus වල ඉන්නා බොහෝ දෙනෙක්ටද 3rd year එකට යනවිට ඔය සටන් තමන්ගේ සටනක් නොවන්නේය.උන් කියන්නේ ඒවා 1st and 2nd yearsලාගේ සටන් විය යුතු බවය.ඉතින් අපේ අරගල ඔන්න ඔවැනි ඒවා බැවින් සාමාන්‍ය සමාජය තුල මේ සටන් ගැන අබමල් රේණුවක දැනුමක් පැහැදීමක් නැත්තේය.ඒ නිසා නිදහස් අධ්‍යාපන කප්පාදුව වැලැක්වීම යනු ලේසි පහසු මෙව්වා එකක් නොවන්නේය.එය අපිට නොදැනිම අපේ අතේ ඇගිලි අතරින් දියවී යන්නේය

සමස්ථ අධ්‍යාපන්යේ ඇති අර්බුධය නොදකිමින් ඔහේ එන්නන් වාලේ පිකට් කලා නම්, ඊයේ ගුටි කෑ උබලාද සමාජයට බට දවසට මෙවැනි සිද්ධි දෙස ව්පර ඇහින් බලනවා නොඅනුමානය…ඒ නිසා සමස්ථ අධ්‍යාපන්යේ ගැටලු ගැන බුද්ධිමත් කතිකාවතක් වි.වි පද්ධතිය තුල ඇති කිරීමට උබලාට ශක්තිඅය ලැබේවා.එයින් බිහි වන සටන හුදෙක් වීදි සටනක් නොව සමස්ථ සමාජයේ සිතුවිලි වෙනස් කිරීමට හැකි ආකල්ප මූලික සටනක් වනු ඇත්තේය, එදාට උබලාගේ සටන නිකන්ම නිකන් campus කොල්ලො කෙල්ලන්ගේ සටනක් නොව මුලු මහත් සමාජයේ සටනක් වනු ඇත.


පින්තූරය අන්තර්ජාලයෙනි

Thursday, October 22, 2015

මාලඹේ උපාධි කඩය හා චරිත තුනක්






මේ දිනවල ආයේ මාළඹේ හොර උපාධි කඩේ පිලිබද ආරෝව එලියට ගෙන අපේ campus සහෝදර ප්‍රජාව එලියට බැස තිබෙන්නේය.මේකේ උපාධි පාඨමාලා කිහිපයක්ම පැවැත්වෙන අතරේ වැඩිම ආන්දෝලනයට ලක්වන්නේ එයින් පිරිනමන දොස්තර උපාධිය ගැනය.ඒකට ලන්කාවේ වයිද්ය සභාවේ අනුමැතිය හිමිවී නැත්තේය.ඊට අනුබද්ධ ශික්ෂණ රෝහලක් නැත්තේය.තව තව හුටපට ඇති බැවින් මේ මෙඩිකල් කොලීජිය අවශ්‍ය කරන standard එකට ලගාවී නැත්තේය.කලකට පෙර රජරට වයිද්ය පාටමාලාවේත් මෙවැනි හුටපට වගයක් තිබී ඒවා බේරා ගන්නට එහි සිසුන්ට පාරට බසින්නටම සිදුවුනේය.අන්තිමට පොලීසියෙන් අම්බාක කාගෙන වුවත් තම අයිතිය දිනා ගැනීමට ඔවුන්ට හැකි වුනේය.ඒ කොල්ලන්ගේ කෙල්ලන්ගේ තිබූ අප්‍රතිහත කැපවීම නිසාය.තම උපාධියට අවශ්‍ය කරන සම්මමත මට්ටම ලගා කරගැනීමට උන් කල සටන ඉතා වටිනේය.නමුත් SAITM එකේ එවැනි සටනක් යන්නේ නැත්තේය.ඒකේ කොල්ලන් කෙල්ලන් පාරට බසින්නේ නැත්තේය.ආන්ඩුවෙන් උන්ට අව්ශ්‍ය කරන standards  ලබාදීමට මැදිහත් නොව්න්නේය, SAITM එක තනම් කරන්නේද නැත.ව‍යිද්ය සභාව උන්ට ඔරවන්නේය.උන්ගේ medical degree එක valid නැතැයි පවසන්නේය.ඒ අතරේ අපේ campus වල එවුන් ඒක වසාදාන්නයි කියමින් පාරට ගොඩ වන්නේය.
එනයින් බලන කල case එකේ සිටින ප්‍රධාන පාර්ශව 3ක් පෙනෙන්නේය.එකක් ආණ්ඩුවය,අනෙක වයිද්ය සභාව ප්‍රමුඛ දොස්තරලාය.තුන්වැනි එක අපේ සරසවි සිසු ප්‍රජාවය.ඒ නිසා මේ තුන් ගොල්ලන්ගේ භූමිකාව පිලිබද නයියාට දැනෙන මෙව්වා වලින් ඇදීයන්නට සැරසෙන දගර නයෙකි මේ

ආණ්ඩුව හෙවත් රට කරවන ඇත්තෝ

ආණ්ඩුව කියා මෙතන අදහස් කරන්නේ දැන් පවතින් යහපාලාන ආණ්ඩුව පමනක් නොව මෙරට පසුගිය දශක 2,3 පුරා පැවති ආණ්ඩු සැට් එකය.ඒ ඒ ආණ්ඩුවල සිටි අති බහුතරයක් වූ තකතීරුවන්ට මෙරට අධ්‍යාපන ක්‍රමයට ජාතික ප්‍රතිපත්තියක් ගෙනවිත් ඒක හරි පාරට දමන්නට ඕනෑ උනේ නැත්තේය.පාසල් අධ්‍යාපනය නැත්තටම නැති වෙන තත්වයට දැන් ගෙන්විත් හමාරය.SB ලොක්කා campus වලට රින්ගා LTTE එකත් සමග යුද්ධ කරන්නාක් මෙන් කොල්ලන් කෙල්ලන්ගේ ජීවිත කාබාසිනියා කර දැම්මේය.ඊට අමතරව ඔය කොයි ආණ්ඩුවත් රාජ්‍ය අධ්‍යාපනයට වෙන් කරන මුදල් අඩු කොට ඒවායින් වෙන වෙන ඩෙගා නැටීමට ඇත්නම් හරිම කැමති බුවාලාය.ඒ නිසා SAITAM SLIIT ද මොරටුවද, පේරාදෙණියද නොව මොන අධ්‍යාපන ආයතනෑකින්වත් උන්ට මෙලෝ වැඩක් නැත්තේය. අපි ඉතින් කතිරය ගසා විල මැද බන්ගලාවට ඇර ඇති සැට් එක දිහා බැලුවාම මේ රටේ මෙහෙම හරි අධ්‍යාපන ක්‍රමයක් තිබීම ගැන අපි සතුටු විය යුතුය.

දොස්තරලා හෙවත් පූජනීය හිටලර්ලා 

මේ අපේ රටේ A/l exam  එකේ bio stream එකෙන් වැඩිම ලකුණු ගෙන campus යන සැට් එකය.අපේ අතීත සමාජය campus යාම කියා දැන් සිටියේ දොස්තරලා හා ඉන්ජිනේරුවන් බිහි කරන එකය.කොහොමත් ඉතින් බුදුන්ගේ කාලයේ සිට බුද්ධදාස රජතුමා හරහා වෙද ඇදුරන්ට මිනිසුන්ගේ අපරිමිත ගරුත්වය හා භක්තියක් තිබුනේ ඔවුන් මිනිස් ජීවිත බේරා දෙන්නන් නිසාය...ඔය medical college  යන සැට් එක ගත් කල උන් කොහොමත් යන්නේ අඩි 2,3ක් උඩින්ය.උන් ඉතින් හෙන ඉහලින් A/L pass වූ නිසාත් ඒ කාලේ සිට දොස්තරලා යනු හෙන පූජනීය පොරවල්ලා නිසාත් උන් campus ගියදා පටන් ඒ දේව බලය හිසට ගසා සිටින්නේ, ඒ ලොකු සීන් එකෙන් මත්වෙලාය.මුලු සරසවි ප්‍රජාවම එලියට බැස සටන් කරන සටනකට පවා මෙඩ්ඩෝ එන්නේ අතිශය කලාතුරකින්ය. උන් ඉතින් සටනකට බැස්සොත් ඒ උන්ගේම අයිතිවාසි කමක් ඉල්ලීමක් දිනා ගැනීමටය.ඒ උන්ට වැඩ ගොඩක් ඇති නිසාය,ඉගෙන ගැනීමට ගොඩක් දෑ ඇති නිසාය.ඒ නිසා උන් ඉතින් අපි වැනි campus හාල් පාරුවන් සමග එලියට බැස පාරේ චාටර් වන්නට එන්නේ නැත.
උන් campus එකෙන් out වී දොස්තරලා වූ පසුද උන් එලෙසමය.දොස්තරලාගේ මොකක් හරි අවුලක් ආවොත් මුලු රෝගී ජනතාවම ප්‍රාණ ඇපයට ගෙන තමන්ගේ මස් වැදැල්ල ලබාගන්නේය,ලන්කාවේ වයිද්ය වෘතිය තුල ඒකාධිපති බලයක් ඔසවාගෙන සිටින්නේය.පිටරට ගොහින් වෙද උපාධියක් රැගෙන එන එවුන්ට මේ රටේ දොස්තරකම් කරන්නට ලේසි නැත්තේ මෙහේ දොස්තරාල්ගේ ඒකාධිපති බලය නිසාය.කලකට පෙර සහකාර වයිද්ය වරුන් බිහි කිරීම අත්හිටුවන්නට රජයට සිදුවුනේ දොස්තරලා පෙනේ පුප්පාගෙන වැඩ් වර්ජනය කරමින් ඉදිරියට ආ නිසාය.ඒ නිසා මේ රටේ දොස්තරලා යනු රාජපක්ශ මොඩලයේ ඒකාධිපතියන්ය.තමන් ලබාගත් ස්ථානයට වෙන කිසිවෙක් එනවාට එයාලා කැමති නැත්තේය.ඔය saitam degree එකට ලෙඩේ අදින්නේ නිදහස් අධ්‍යාපනය ගැන ඇති කැක්කුමකට නොව තමන්ගේ field එකේ ඒකාධිපතීත්වය තබාගැනීමට ඇති කුහක කම නිසාය.

campus සිසු ප්‍රජාව or සමාජය කියන පරිදි ජෙප්පො රැල

ඉහත දෙගොල්ලන්ටම කීමට කිසිදු දෙයක් නැතත් මෙ සැට් එකට නම් කියන්නට නම් බොහෝ දේ ඇත්තේය.මන්ද රටට සැබෑ වෙනසක් ජීවයක් දීමට හැකි නම් ඒ මුන්ට පමනක් නිසාය....අපි සියල්ලෝම අවුරුදු 13ක් තිස්සේ, ගද ගසන කුජීත අධ්යාපන ක්‍රමයක් අවසාන කරන්නේ අතිශය තරගකාරී, මොලේ කර කරනා A/L exam එකෙන්ය.බොහෝ දෙනෙක් ඉන් සමත් උනත් එයින් සරසවි වරම් ලබනුයේ ඉතා කුඩා ප්‍රමාණයක්ය.ඒ අපේ රටේ ඇති නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් අපට ලබාදී ඇති සීමිත විශ්ව විද්‍යාල ප්‍රමාණය නිසාය.ඉතා ඉහල ලකුනු ලබාගත් සමහර පිරිසක් ඉතා අවාසනාවන්ත ලෙස තමා කැමති field එකෙන් සරසවියට යාමට නොහැකිව කැපී යන්නේය.බොහේ දෙනෙක් සරසවියට පිවිසෙන්නේ තමන් කැමති පාඨමාලවක් හැදෑරීමට නොව university entrance පොතෙන් තමාට ගලපාදෙන degree එකක් කිරීමටය.ඒක නිසා campus එන උන් බොහේ දෙනා campus එකට පය ගසන්නේ තමන් කරන්න යන degree එක ගැන මෙලෝ හසරක් නොදැනය.

ඔය පවත්නා බොහෝ උපාධි පාඨමාලා මීට අවුරුදු කිහිපයකට පෙර බලෙන් සරසවි වලට එබ්බවූ ඒවාය.ඒවායේ නිසි syllabus එකක් හෝ ඒවා ඉගැන්වීමට සමත් අචාර්‍ය වරුන්ද නැත්තේය. ඉන්නා බොහෝ එවුන් ඒ field එක ගැන අදුරේ අත පහ ගෑ එවුන් ටිකක්ය.ඒ නිසා ඒ degree වලට job field එකක් කියා දෙයක් බිහිවී නැතcampus වල research කියා දෙයක් ඇත්තේම නැති තරම්ය.ලෙචාලා කරන research කරන්නේ උඩින් පල්ලෙන්ය.සිසුන්ගෙන් ඒවාට සම්බන්ධ කරගැනීමක් වෙන්නේම නැති තරම්ය. රජයෙන් ඒවාට වෙන් කරන මුදල්ද ප්‍රමාණවත් නැත්තේය.ඇතැම් තැන්වල මුදල් තිබුනත් ඒවා නිසිලෙස ප්‍රයෝජනයට ගත හැකි පරිපාලකයන් නැත්තේය. Campus වල පැවතිය යුතු අධ්‍යාපන සම්පත්වල විශාල හිගයක් තිබෙන්නේය.Campus වලින් පිටවෙන එවුන්ගේ personality එක හා ආකල්ප පිලිබද විශාල ගැටලු ඇත්තේය.ඉතින් උබලා ඒවාට නිසි විසදුම් හොයනවා වෙනුවට මේ කොහේවත් යන SAITM එකක් අල්ලන් නහින්නට යන්නේය. සැබෑ ගැටලුව ඇත්තේ SAITM එකේ නොව රාජ්‍ය සරසවි පද්ධතියේය.අපේ පවතින සම්පත් වැඩිදියිණු කරගැනීමට අපි කතිකාවතක් සරසවිය තුල ආරම්භ කලයුතු වන්නේය. රාජ්‍ය සරසවි පද්ධතියේ ඇති ආචාර්‍ය හිගය ගැන ,අධ්‍යාපනයේ ගුණාත්මක බාවය පිලිබද,සිසුන්ගේ හැකියාවන් ගැන,උන්ගේ කලාව හා විචාරාත්ම්ක හැකියාව එලියට ගන්නා බුද්ධිමය කතිකාවත් සරසවි තුලින් බිහි කල් යුතුය.ඊඅට සියල්ලන් සම්බන්ද කරගනිමින් බුද්ධිමය ආමන්ත්‍රණයක් සරසවිය පුරා බිහි කිරීමය.ඒවා තුලින් වඩා හොද රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියක් සදහා විශ්ව විද්‍යාල මට්ටමින් හා ජාතික මට්ටමින් සන්වාධයක් බිහි කර වි.වි වල අධ්‍යාපන මට්ටම ඉහල දමා ගැනීමය.ඒ සදහා දිනක පාරට බැස ගුටි කන්නට වුව මැලි විය යුතු නැත. 

නමුත් මේ සිදුවන්නේ අනෙකකි.ලන්කාවේ උසස් පෙල සමත් සියලු දෙනාට සරසවි වරම් ලැබිය යුත්තේය.අධ්යාපනය යනු සියලු දෙනාගේ අයිතියක් වන්නේය.හොද ලකුනු ලබා ගත් උන් රජයේ වි.වි වලට ඇතුල් වී නිදහස් අධ්‍යාපන්යේ ඵල නෙලා ගනු ඇත්තේය.අනික් උන් සල්ලි දීලා හෝ ඒ අධ්යාපනය ලබා ගැනීමේ ඇති වරද කිම.?.උනුත් මේ රටේ කොල්ලන් කෙල්ලන්ය.උන්ට උන්ටම ආවේනික වූ දක්ශතා ඇත්තේය.කරුම A/L පව පඩිසන් දුන් පලිය උන් ජීවිත කාලයම විදවිය යුතු නැත්තේය,උන් පාරේ කුනු අයින් කරන,ගෙවල් අතුගාන servantලා වියයුතු නැත්තේය.දැනටමත් ලන්කාවේ පරිඝනක හා කළමණාකරන අන්ශ වලින් උපාධි ලබාදෙන private එව්වා තිබෙන්නේය.ඒවා වලින් ගෙන එන එවුන් හොදට වැඩ කිඩද පෙන්වන්නේය.A/L  වලින්ලකුණු මදි වුනා කියා උන් නොසලකා හැරිය යුතු මෝඩයන් නොවන බව එය කදිම සාඛ්ෂියක් වන්නේය. මේ private degrees දෙන අතරතුරේ අපට ඇති සටන විය  යුත්තේ ලන්කාවේ ආණ්ඩු විසින් රාජ්‍ය අධ්‍යාපනය බල්ලාට දමන්නට නොදී රැක බලා ගැනීමය.ඒ සදහා සටන ඇත්තේ රාජ්‍ය වි.වි පද්ධතියේ ගුණාතමක බව වෙනුවෙන්ය.ඒව උන් සපයන්නේ නැත්නම් උබලාහෝ සන්විධානය වී විවිධ සමිති සමාගම් හරහා ලම්යින්ගේ බුද්ධිය,කුසලතා,කලාව හා ආකල්පමය වෙනසක් සදහා පය තැබිය යුතුය. සරසවි සිසු ප්‍රජාව නැවත පුස්ථකාලය පරිහරනය කරනා විදගධයින් බවට,මාසිකව සන්විධානය වන්නාවූ බුද්ධිමය සන්වාදවල කතිකා කරන කතිකයන් බවට,නව ලොව දැනුම සොයන සැබෑ දක්ශයන් බවට,රාජ්‍ය අධ්‍යාපනය සිදුවිය යුතු වෙනස් කම් ගැන ඉව අල්ලන්නාවූ ගවේශකයන් බවට හා අවැසි වූ විට තේරුමක් ඇතිව ප්‍රශ්නය වටහාගෙන සටන් කරනා වීදි සටන් කරුවන් බවට පත් කල යුතුය.සැබෑ වෙනසක් කරන්න මුල පිරිය යුත්තේ එසේය.එහෙම නැතුව SAITM  එක ඇතුලු private ඒවා වසන්නට යාම නොවේ.ඒ මතුවන්නේ දේශ්පාලන කුනු තැවරුණු අදිසි හස්තයන්ගෙන් නටවන්නාවූ කුහක කමය. ඒ කුහකකම් වලින් රැකගත හැකි අධ්‍යාපනයක් නොවන්නේය.

Sunday, October 18, 2015

ගුරුවරුනි ගුරු ගීතය කියවමු..





පසුගියදා රටේ එක්තරා පාසලක ගුරුවරුන් ඉගැන්වීමට පන්තිවලට යාම ප්‍රතික්ශේප කරමින් වර්ජනයක නිරත විය.එයට ආසන්නතම හේතුව වූයේ කොල්ලෝ සෙට් එකක් ඉස්කෝලේ සර් කෙනෙක්ට පහර දීමට උත්සහ ගැනීම හා එම ලමුන්ගෙන් අනෙක් ගුරුවරුන්ට සිදුවන හින්සාවන් මුල් කරගෙනය(වැඩේ කියන්නේ ඒක ඉතින් මන් O/L වෙනකල් ගියපු ඉස්කෝලේ වෙන එකය).පාසල් ළමුන්ගේ විනය එන්න එන්නම පහතට වැටෙන බව රට වටෙන්ම චෝදනා නැගෙමින් තිබේ.උක්ත සිදුවීම එහි ආසන්නතම උදාහරණය වන්නේය.ලෝකයේ පාසල් ක්‍රමය ආරම්බවූ දා සිටම පාසල් ළමුන්ගේ හැසිරීම හොද එකක් වූයේ නැත.එය හැමදාම පිරිහෙමින් යනබව උකහා දක්වමින් විවේචනයට බාජනය වන මාතෘකාවක් වන්නේය.ඔය චෝඅදනාව කිසිදා නැතිවන චෝදනාවක් නොවන්නේ එම චෝදනාවේ මූලාශ්‍රය බවට පත්වන්නේ ඉස්කෝලේ යන උන්ගේත් ඉස්කෝලේ ගොහින් හමාර කල උන්ගේත් generation gap එක නිසාය.ඒ නිසා මේ කප විනාස වන තුරුම ඔය චෝදනාව නම් නැති වෙන්නේ නැත්තේය.

නමුත් එක්තරා කාල පරිච්චේදයක සිට මේ දක්වා පාසලෙන් කෙරෙන කාර්ය බාරය නියම ලෙස කියවා ගත් ගුරු පරම්පරාවක අඩුව නම් තදින්ම දැනෙමින් පවතින්නේය.අතීත එක් වකවානුවක පාසල් විශය නිර්දේශයෙන් සාහිත්ය,ඉතිහාසය, සමාජ විද්‍යාව විශයන් ගැලවීයාමත් සමග හුදු කටපාඩම් කිරීමේ syllabus එකක් ඇතිවූ අතර විචාරයෙන්,ගවේශණයෙන්,නිර්මාණශීලිත්වයෙන් තොර වූ පාසල් යුගයක මුල් සිසුපරපුර අසූ ගණන් වල සිට බිහිවූවා විය යුතුය.හුදෙක් ලකුණු පසු පස හඹා යන ඒ අධ්යාපන ක්‍රමය තුල ජය ගැනීම සදහා යාන්ත්‍රීකරණය වූ ඉගෙනුම් රටාවක් තුලට යනවා විනා අන් විසදුමක් තිබුනේ නැත්තේය.ඒ තරගය තුල සුරැකී සිටීමට නම් පාසලෙන් පමනක් බෙහෙත් බී මදිවන බවට මත්යක් ක්‍රමක්‍රම්යෙන් සමාජගත කිරීම ඇරඹුනේ tuition ගුරාලාගෙන්ය.

යන්තම් යන්තම් ඇරඹි tuition  ව්‍යාපාරය අද පෙර පාසල් යන පොඩි එකාට පවා පවත්වන අනිවාර්ය අධ්‍යාපන අවශ්‍යතාවක් බවට පත්වී හමාරය.ඒ නිසා අද පාසල යනු ළමුන් අධ්යාපනය ලබා ගන්න අමතර  ස්ථානයක්ය.ඒ තත්වයට පාසල තල්ලු කරනු ලැබුවේ හරිහැටි ප්‍රතිපත්තියකින් තොරවූ මේ රටේ අධ්‍යාපන රටාවය.ඒ නෝන්ජල් අධ්‍යාපන රටාවේ ළමුන්ටත් පෙර ගසාගෙන ගියේ ගුරුවරුන්ය.ඇතුල හිස් වූ ලොකු කලයක් වූ අධ්‍යාපන රටාවේ ගුනයක් නැති වුවත් එය මිලක් ඇති දෙයක් බව වටහාගත් අපේ ගුරු පරපුර පාසල දෙවනි කොට tuition එකෙන් අධ්‍යාපනය අලෙවි කිරීමට පටන් ගත්තේ පාසලෙන් සිදුවිය යුතු අනෙක් සියලු යුතුකම් වල පල්ලට දමමින්ය.

ඒවායේ ප්‍රතිඵල ලෙස අපේ ගුරුවරු අපේ සාහිත්‍ය රස බාවිතය,අපේ සමාජීය ආකල්ප හෝ අපේ ක්‍රීඩා හැකියාවක් ගැන නිකමටවත් නොසෙව්වෝය.එයාල පන්තියට ඇවිත් අච්චු පොත කරගෙන ගියහ.පුලුවන් උන් වැඩේ අල්ල ගත්තෝය,අනික් උන් පිස්සු කෙලියෝය.කෙසේ හෝ වාරය අවසන් වන විට අච්චු පොත ගොඩ දා ගන්නට අපේ සර්ලා මිස්ලාට හැකි වූ අතර අපේ උන් උදේට ඇවිත් ඉස්කෝලේ පුටුව රත් කොට හවසට tuition  එකේ බන්කුව රත් කිරීමට ගියෝය.කාලකන්නි කමේ බවේත් නිසරු බවේත් නියගයට  හසු වූ අධ්යාපන රටාවේ මුල් සිසු පරපුරවල් අද ගුරුවර ගුරුවරියන් බවට පත්වී වර්ථමාන පාසල් බාරගෙන ඇත්තේය.පසුගිය දශක දෙක,තුන තුල අයාලේ යන අධ්‍යාපන රටාවකින් උපන් අපේ ගුරු පරපුරවල් දැන් ඉගෙනගන්නා එවුන්ට හරි පාර පෙන්වයිද?...උන්ටත් ඒ කාලේ හරි පාර පෙන්වන්නට එකෙක් නොසිටිය කල මුන් කොහොම කරාවිද?...එනයින් බලන කල දැන් හැදෙන ඉස්කෝලෙ කොල්ලො ගුරුවරුන්ට ගහන්නට යන එක මිස්ලාට කරදර කරන එක අහන්න දෙයක් නැත. tuition පන්තියෙන් ඉතා හොදට text book එක කරන කල ආයේ ඒකම කරගන්නට ඉස්කෝලේ එන්නේ අහවල් එකටදැ?...වල් වැදී ගිය අධ්‍යාපන රටාවක උඩුගන් බලා පිහිනන ගුරුවරුන් වේ නම් ඒ ඉතා අල්පයක්ය.

ගුරුගීතයේ දුයිශෙන් තම ගෝලයන් කරේ තියන් ගගෙන් එතෙර කර උන්ව පාසල් ගෙන ගියේය.උනට අධ්යාපනයේ අගය පෙන්වුවේය.එයින් සැබෑ ලෙසම දැනුම හා ප්‍රඥාව ලද උන් එදා සිට බොහෝ කලක් දක්වා දැනුම හා ආකල්ප දරුවන්ට බෙදා දෙමින් උන් සැබෑ මිනිසුන් කරන්නට වෙහෙසුනහ.අපේ රටේත් එක්තරා වකවානුවක් වනතෙක්ම එය පැවතී ආවේය.පාසල යනු නියම මිනිසුන් නිර්මාණය කරන තැනක් බවට පත්වූ කාලයක් තිබ්බේය.එයින් බිහිවූ දරුවෝ උගතුන් මෙන්ම නියම සැබෑ මිනිසුන්ද වුවෝය.ඒ පාසල නැතිව ගොස් දැන් බොහෝ කල්ය.ඒ නැති වීම සිදු කලේ මේ රටේ අධ්‍යාපනය කර්වීමට බාරගත් මොට්ටයන් රැලය.


ළමයින් නරක නැත්තේය.උන්ට ගෙදරින් පසු පිටත ලෝකයක් හැටියට මුලින්ම දකිනේ පාසලය.එහෙව් එකේ ඒ පාසලේ උගන්වන ගුරුවරුන්ට ඒ පොඩි උන්ගේ වීරයන් වන්න්ට බැරි වන්නේ ජාතියේ පවටය. ඒ වීරයන් පාසලෙන් හමු නොවූ කල උන් ඒ වීරයන් සොයන්නේ අනන්තයෙන් එන තරු කුමාරයන් තුලය.ගුරුවරුන් පොත කට පාඩමේ උගන්වන යන්ත්‍ර නොවී දරුවන්ගේ හදවතට ආමන්ත්‍රනය කරන්නේ නම්,නිසි ආකල්ප ඇතිව යමින් කොන්ද කෙලින් කර ජීවත්වන්නට උන්ට උගන්වන්නේ නම්  උන් හරි මාවතේ යනු ඇත්තේය.උන්ගේ වීරයන් ලෙස උන් තමන්ගේ ගුරුවරයා තෝරා ගනු ඇත්තේය.තනිකරම ගුරු පවුලක් වූ අපේ ගෙදර මා එය හොදින්ම අත් දැක ඇත්තේය.එහි අග්‍ර ඵලය අපේ අයියාය.විද්‍යාව ගුරුවරයෙක් හැටියට ගෙදරින් පැය 10කටත් එහා තිබූ නමවත් අසා නොතිබූ පලාතක පාසලකට ගිය ඔහු ඒ පොඩි උන්ගේ විද්‍යා දැනුම පමණක් නොව උන්ගේ සාහිථ්‍ය,සින්හල දැනුම පමණක් නොව උන්ගේ ක්‍රීඩා හැකියාවද දියුණු කලේය.කිසිදා ඉස්කෝලේ sport meet එකෙන් එහා දෙයක් දැක නොතිබූ උන් පාසල් ඉතිහාසයේ පලමු වරට සමස්ත ලන්කා තරගාවලියේ තරග වැදීමට පලමු වරට කොලබට පය තියන්නේ අච්චු පොතෙන් එහා ගිය ලොවක් දුටු ගුරුවරයෙක් උන්ට ලැබුණු නිස්සය.උන් සියලු දෙනා දැන් වයස 27 පසු කල තරුනයන්ය.උන් රටේ හතර කොනේ කොන්ද කෙලින් තබා ගෙන වැඩ කරනා උන් බවට පත්වී ඇත්තේය.තවමත් අපේ අයියා කවි පොතක් හෝ වෙන කලා කටයුත්තක් කරනු දැනගත් විට උන් සියලු වැඩ පසෙකලා තිස්සමහාරාමයට එන්නේ මීට වසර 10කටත් පෙර උන් දුටු අච්චු පොතෙන් එහා ගිය තම ගුරු තරුවට කරන උපහාරයක් ලෙසය....මීටත් එහා තම දහදිය,මහන්සිය පමනක් නොව පඩි පතද කැපකරමින් ආලෝකවත් අනාගතයකට පිරුනු මොල හා හදවත් ඇති මිනිසුන් බිහි කල හා කරන ගුරු දෙවිවරු අදටත් රටේ බොහෝ සිටිනිනේය.නමුත් රටේ සමස්ත ගුරු සන්ක්‍යාව හා ගත් කල එය ඉතා කුඩා ප්‍රතිශතයක් වන්නේය.ඒ නිසා මේ ලෝකේ ඇති උතුම්ම සේවය කරනා ගුරු සහෝදරවරුනි ඔබට බාරදී ඇත්තේ රටේ අනාගතය බව අමතක නොකරන්න.උඹලාගේ ආකල්ප වර්ධනයට අවැසි අධ්යාපන වැඩපිලිවෙලක් එනතුරු ගුරු ගීතය කියවන්න.


Saturday, October 10, 2015

සරසවි කැට සෙලවුම

අයියේ අපි පේරාදෙණිය campus එකේ,අපි රටේ දුශ්කර පාසලක් වන.......මේ අයුරින් පසුගිය සතියේ හමුවූ හුරුබුහුටි නන්ගියෙක් කැටයක් දික් කරමින් කතාව ඇරබුවාය.ඇයගේ වචන මා හමුවේත් කියා කාලය හා මහන්සිය වැය නොකලයුතු බැවින් මා ඇය නතර කලේ මාත් campus එකේ බව කියමිනි.පසු ගිය සති දෙක තුල නන්ගිලා හා මල්ලිලා කිහිප දෙනෙක්ගේම කැට කීපයක් වූ අතර සෑම කැටේකටම බැගින් ආධාර කර උන්ගේ සිත සතුටු කලෙමි.රුපියල් 50ක් කැටයට වැටෙන විට උන්ගේ මුවේ හා දෑසේ ඇදෙන සතුට මීට වසර කීපයකට පෙර අපේ හිතෙත් මේ අයුරින්ම මැවුනා මට අමතක නැත

Campus එකේ පළමු වසර තුල තිබූ එපා කරපුම වැඩේ කැට යාමය.ඒ දිනවල උදේ පාන්දර 4ට පමණ නැගිට hire එකට ගත් bus එකක නැගී එක එක town වලින් වැඩේට බහින අපි හවස 5 විතර වෙන තුරු කැට හොල්ලමින් බසයෙන් බසයට,කඩයෙන් කඩයට ගොඩවෙමින් අම්මලා තාත්තලා,අයියලා,අක්කලාගෙන් කීයක් හරි කැටයට ඔබාගන්න දුන් ගේම ලේසි පහසු එකක් නොවුනේය.කිය යුතු පණිවිඩය බොක්කටම වැදෙන්නට කිව්වේ නැත්නම් ඉතින් බස් වල සිටිනා මගී ජනයාගෙන්  ගානක් හොයාගන්නවා බොරුය.දිග අරින කතාවේ දිග පලල නොබලා, හේතුව නොබලා බොහෝ දෙනෙක් රුපියල් 5ක් 10ක් දෙන්නේය.කතාව එලටම කෙරුනොත් ඉතින් 20ක් විතර ගොඩ දාගත හැක්කේය.ඊටත් එහා ගානක් දෙනවා නම් ඉතින් ඒ බොහෝ විට campus එකකට කෙසේ හෝ නෑකමක් ඇත්තෙක්ම විය යුතුය. එක්තරා දවසක අපේ කැට ගිය set එකකට අපේ campus එකේ හෙන කාලෙකට කලින් ඉගෙනගත් සින්නෙක් හමුවී ඔහු හැම එකාගේම කැටයට සැලකියයුතු ගානක් දමා උන්ට දවල්ට කන්නටත් අරන් දී තිබ්බා මට මතකය.ඒ ඉතින් කැට කිරීමේ කට්ට හොදින් කෑ අතීතය අමතක නොවන එල කොල්ලෙක් නිසාය. අපිත් දැන් අතරමගදී හමුවන හැම පොඩි එකෙක්ගේම කැටේට හැකි තරම් වැඩියෙන් දමන්නේ ඒ කෑ කට්ට අමතක නැති නිසාය.

අපේ පළමු කැටය ගියේ campus එකේ කලා උළෙල කරන්නටය.ඒ සදහා කැට 3ක් විතර රටේ විවිධ පළාත් වලට ගාටන්නට අපිට සිදුවිය.ඊට පස්සේ ප්‍රදර්ශන වලට,සම්මන්ත්‍රණ කිරීම සදහා කැට යන්නට සිදුවුනේ  ඕවාට ඕනෑ කරන මුදල් කිසිදා campus එකෙන් නොලැබෙන නිසාය.ඒවා සැබවින්ම අවන්ක චේතනාවෙන් කල කැට නිසා අපිත් කකුල් හන්දිපත් රිදෙන තුරුම කට්ට අවුවේ කට්ට කමින් කැට සෙලවූයෙමු. පෙර පාසලේ පිලි ගැනීම කතාව කලාට පසු stage එකකට නැගී mike එකක් අතින් ගෙන කතා කරන්නටද උනේ කැටයක් කරන්නට කෑගල්ලේ ගිය අවස්ථාවක O/L tuition class එකකට ගොඩවූ විටය.ඒ කතාවට පොඩි උන්ගේ පට්ටම ප්‍රතිචාර ලැබුණු අතර උන් අන්තිමට මගෙන් සින්දුවක්ද request කලෝය.සින්දු කියන්නට ගියා නම් උන් කැටේට දාන්න ඉන්න සල්ලි ආපසු සාක්කුවේ ඔබා ගන්නා එක ශුවර්ය.ගෙදරින් ලැබෙන සොච්ච්ම පවා කැට වලට දමන්නට පොඩි උන් මැලි නොවුනේ අයියලා අක්කලාට උන් සිතින් පෙම් බදින නිසාය.උන් සරසවි සිහිනය දකින නිසාය.

මේවාට අමතරව ඒ දිනවල අන්තරේ උවමනාවල්වලටද කැට 2,3ක් විතර ගියා මතකය.ඒවා යන්නේ නිදහස් අධ්යාපනය සුරැකීමට කියාය. ඒවා නම් ඉතින් වැඩිපුරම ගියේ union අපේ කල එවුන් ලගට විත් අනේ මචන් කොහොම හරි මේක කරල දියන්කෝ කියා නාහෙන් ඇඩීම නිසාය.Unionඑකේ හිටි උන් හොදම යාලුවන් වූ නිසා උන්ගේ ඉල්ලීමට පිටුපාන්නට බැරි බැවින් හරි හමන් අරමුණක් නොදන්නා එවැනි කැට වලටද පාරවල් ගානේ කට්ට කෑමට සිදුවිය....ඔය කැට කෙරුවාව තුලදී අතේ ඇති සතය පවා කැටයට හූරා දෙන අහින්සක දුප්පත් මිනිසුන්ද,හෙන හෙන ලොකු වාහන වලින් යනමුත් ආසාවට රුපියල් 10ක් කැටයට නොදමනා හෙන පොෂ් පොරවල්ද අනන්හවත් මුන ගැසී ඇත්තේය. වයසක ආච්චිලා තමන් සන්තකයේ ඇති අන්තිම රුපියල වුවද කැටයට පුදන්නට සූදානම් වන්නේ අප දුටු විට තම දරු මුනුපුරන් මතක් වී හිත උණුවී විය යුතුය. එවැනි අවස්තාවල අපේ නෙත් කෙවෙනි තෙත් වූ අවස්තා බොහොමය. එවැනි සන්වේදී සිදුවීම් අතර, එපාවන සිද්දීන්ද එමට ඇත ඔක්කෝටම වඩා එපා වන්නේ සමහර උන් අප කියනා කතාව මුලුමනින්ම අසා සිට තවත් හරස් ප්‍රශ්නත් අසා ආ ගිය මුල ගිය තැන් සේරම දැනගන්නට විනාඩි 5,10 ක  පමණ වෙනම interview එකක් තියා රුපියල් 2,3ක් දෙන එකය.මේවා වැඩියෙන්ම කරේ කඩවල සිටින මුදලාලිලාය.සමහර උන් කැටය දකින විටම අප දෙස බලන්නේ ගූ ගොඩවල් දෙස බලන අයුරින්ය.කොහොමත් ඔය නිදහස් අධ්යාපනය රැකගන්න කිආ කැට ගිය දින වලනම් වැඩිපුරම සිදුවූයේ රට්ටුන්ගෙන් "මුන් මේ එපා කරපු ජෙප්පෝ" කියා පද අසා ගැන්මටය. කොහොමින් කොහොම හරි පලමු වසර 1.5 අව්සන් වන විට කැට 10ක් විතර හා  sticker විකිනීම් 5ක් විතර ගොඩ දැමූ fully qualified පොරවල් වීමට අපිට හැකිවිය.ඔය ගියාවූ කැට වලින් කලා උලෙල,අධ්‍යාපනික ප්‍රදර්ශන,සම්මන්ත්‍රන ආදී බොහෝ දේ සාර්ථකව සිදුවුනේය.ඉතුරුවූ මුදල් union එකේ account එකට බැර වුනේය.ඒවා ඉතින් නිරන්තරයෙන් සිදුවන වල picket වල poster,cutoutවලට,batch එකේ උන්ගේ මල ගෙවල් වලට,සරසවි සිසුන්ට එරෙහිව වැටෙන නඩු හබවලට වියදම් වූ බව අපිට පෙනුනි.තවත් සමහරෙක් කීවේ union එකේ උන් ඕවා ගසා ගන්නා බවය.නමුත් ඉතින් ඒවා ඔප්පු කල හැකි සාක්ශියක් නම් ලැබුනේ නැත්තේය.



කොහොම නමුත් අන්තිමට කියන්නට ඇත්තේ ඔබ ලගට එන කැටය අතින් ගත් ඒ අහින්සක සරසවි සිසුවා බොහෝ දුරට පැමිනෙණුයේ උත්තුන්ග අරමුණක් ඇතිව බවය. ඔබ දායක කරන මුදලෙන් , සරසවි සිසුන්ගේ මහන්සියෙන්,වීර්යෙන් මෙරට දුශ්කර පාසල් වල දරුවන්ගේ නැණස පෑදීමට ගන්නා ක්‍රියාමාර්ග බොහෝ තිබෙන්නේය, සරසවියේ අධ්යාපන,කලා කටයුතු බොහොමයක් සන්විධානය වන්නේය.එවැනි හොද කටයුතු අපේ දෙසවනට, දෙනෙතට මාධ්‍ය මගින් ගෙන එන්නේ නැත.මාධ්‍ය විසින් ඔබේ මගේ සවන්පත් තුලට ගෙනෙනුයේ සරසවිය එපා කරනා හා සරසවි සිසුන් කාඩයන් ලෙස හුවා දක්වනා පුවත් පමණක් වන්නේය.ඒ නිසා ඔබේ ලගට කැටයක් රැගෙන එන පොඩි එකාට පුලුවන් උපකාරයක් කිරීමට මැලි නොවන්න.ඔබ ලගට එන ඒ පොඩි එකා බොහෝ දුරට සරසවියේ පළමු වසරේ සිටිනා එකෙකි.උන් දන්නා සරසවි දේශපාලනයක් නොමැත්තේය.උන්ට ඕනෑ තමන්ගේ කැටය පුලුවන් තරම් පුරවා තමන්ගේන් විය යුතු මෙහෙය තමන් කරන්නට යන පොදු අරමුණ වෙනුවෙන් ඉටුකර නැවත ඉක්මනින් hostel එකට ගොස් hostel එකේ ඇදට වැටීමය.ඒ නිසා උන්ට ජෙප්පන් , පෙරටුගාමියන් කියා බැන අපහාස නොකරන්න.මන්ද උන් බොහෝ දෙනා campus එකට පය ගැසුවා පමනක් වන නිසාය.උන් දන්නා ජෙප්පෙක් හෝ පෙරෙට්ටෙක් නොමැත.

Saturday, October 3, 2015

FB shared videos සහ මාධ්‍ය අම්බරුවෝ




මේ ගෙවී යන කාලය ලන්කාවේ පොලෝසිය හා ජනමාධ්‍ය හත්පොලේ ගාගන්නා කාලයකි.පොලෝසිය සෙයාගේ ඝාතකයන් සමග හොරා පොලිස් සෙල්ලම් දමමින් දාන දාන වෙට්ටුව මාධ්‍යට කියන්නට යමින් හත්පොලේ ගාගනිති.පොලෝසිය කියන එව්වා මෙලෝ වගක් නැතුව කියා දමමින් මාධ්‍ය, පොලෝසිය අඹරා දෙන අසූචි රටපුරා පතුරවමින් හත්පොලේ ගා ගනිති.

ඊට අමතරව අපේ රටේ මාධ්‍ය පසු ගිය කාලය පුරා අලුත් සෙල්ලමක් සොයාගෙන ඇත.ඒ  Fb පුරා share වන ගොන් පාට් video උස්සා තම ප්‍රධාන ප්‍රවෘති විකාශයන්ගේ එල්ලා ගැනීමයි.වාරියපොල නන්ගි,BMW අක්කා, පාරෙ බැහැලා යන්නට බැරි තරමට රටපුරා ජනප්‍රිය වන්නේ මේ මාධ්‍ය අම්බරුවන්ගේ ක්‍රියාකලාපයන් නිසාය.ඒ series එකේ අලුත්ම episode එක පසුගියදා විකාශය වුනේය.ඒ කොල්ලන් දෙන්නෙක් එකතු වී කෙල්ලෙක්ට කම්මුල් පහරවල් ගසනා චාමරගේ video එකය.ගිය සතියේ fb එක පුරා කරක් ගැසූ මේ video එක අන්තිමේදී රටේ ප්‍රධාන ප්‍රවෘති විකාශයන් වලද  දක්නට ලැබුණි.දැන් හෙලි වන අන්දමට ඒ සිද්දිය වී ඇත්තේ 2014 වසරේදීය.පහර කෑ කෙල්ල හා පහර දුන් කොල්ලා දැන් කසාද බදින්නට යන්නේය(ගහපු අනික් එකා දෙවනි මනාලයාට ඉන්නවා විය යුතුය).Phone එක හදන්නට දුන් අවස්තාවේ phone එකෙන් උස්සන ලද video එක fb එක වටේ ගොස් අන්තිමේ පත්තර වල හා ප්‍රවෘති වලත් පෙන්වීම නිසා තමන් මහත් අපහසුතාවයකට පත්ව ඇති බව කෙල්ල පවසන්නේය....කොල්ලා කෙල්ලට ගැසූ එක වැරදිය.ඒකේ විවාදයක් නැත.නමුත් එය කෙල්ලට උසුලන්නට බැරි තරම් වදයක් නම් ඇය එය පොලීසියට දන්වනු ඇත.එය හදිසි කෝපය නිසා එදා සිදුවූ පහරදීමක් වන්නට ඇත.අන්තිමේ උන් දෙන්නා නැවත යාලු වී දැන් බදින්නටද යන්නෝය.

වාරියපොල සිද්දියද මෙවැනිම එකක් විය. අන්තිමට කොල්ලා හොද එකා වී කෙල්ල බැල්ලියකගේ තත්වය වැටින.ඒක ඒ තත්වයට පත්කර රට පුරා market  කලේ මාධ්‍ය විසින්ය.මෙවැනි රන්ඩු සරුවල් ලන්කාව පුරා සෑම මිනිත්තුවකම සිදු වනවා ඇත.ඒ අසල smart phone එකක් ඇති, දකින දකින හැම මගුලම video කරන එකෙක් සිටියොත් ඌ ඒවා record කරනු ඇත.Recordකර Fb,Youtube දමනු ඇත.මල ගෙදරක ගියත් මිනියලගට වී selfie ගසා feeling sad කියා Fb දමන මේ කාලයේ මෙවැනි පජාත සිද්ධි record කර fb දැමීම නවත්වන්නට නොහැක්කේය.අනික අර මහින්ද මාමිගේ ඡන්ද ඇඩ් එකේ හිටි නන්ගි කියන්නාක් මෙන් facebook, social media ඇත්තේ fun ගන්නටය.වලියක්,මිනී මැරුමක්,ස්ත්‍රී දූශනයක් හෝ විහිලුවක් ඔය fb එකේ share වන්නේ fun එක හා කුණු රස බෙදා ගැනීමටය.නමුත් fb එකේ share වන හැම මගුලම හොයා බැලීමකින් තොරව රටේ ප්‍රධන ප්‍රවෘති වල විකාශය විය යුතුද?...Facebook වැනි අවිධිමත් මාධ්‍යක share වන දෑ  රටේ වගකිවයුතු නාලිකා කිසිදු සොයා බැලීමකින් තොරව මෙලෙස විකාශනය කිරීමෙන් අභියෝගයට හා ගර්හාවට පාත්‍ර වන්නේ රටේ මිනිස්සුන්ගේ පවුද්ගලික ජීවිතයයි.රටේ ගෑනු මිනිස්සු රන්ඩු වන්නේය. උන්ට ඒව රටටම පෙන්වන්නට ඕනෑනම් උන් ගෝල්ෆේස් එකට පැමින media වලටත් එන්න කියා ගහ මරාගනු ඇත.

ඒ දවස් වල අපේ hostel එකේ කොල්ලන් දෙදෙනෙක්ද උන්ගේ කෙල්ලන් හා phone එකෙන් රන්ඩු වෙන්නේ මහ හයියෙන් කුනු හරුප කියාගනිමිනි.නමුත් උන් ආයේ හවස් වෙද්දී යාලු වී අත් අල්ලන් පාරේ ඇවිදින්නේ අහින්සක කුරුලු ජෝඩු මෙනි.ඒ කාලේ අපි ඕවා record කර youtube දැමුවානම් ඒවා පට්ටෙට hit වනු ඇත.අන්තිමට hits වැඩි තරමට රාත්‍රී 7,8 news වලටද පෙන්වනු ඇත.අන්තිමට උන් රටේම පිලිකුල් සහගත චරිත වී පාරේ බැස යාමට බැරි වනු ඇත.රටේ සැමටම පවුද්ගලික ජීවිතයක් ඇත්තේය.මිනිස්සු රන්ඩු වෙන්නේය ඊටත් එහා ගොස් ගුටි ඇනද ගන්නේය.නමුත් ඒ සැම එකක්ම අපරාධ ගනයට නොවැටෙන හුදු කේන්තිය නිසා සිදුවන ඒවාය.ඕවා රටේ news වල හා පත්තර වල පලකලයුතු ඒවා නොවන්නේය.

මාධ්‍ය තුල පල කලයුත්තේ මොනවාද පොලීසිය විසින් මාධ්‍යට කරුණු වාර්තාකල යුත්තේ කෙසේද යන්න ගැන හොදම පාඩම සේයාගේ ඝාතනයට සැකකල 17ත් හැවිරිදි කොලුවාගේ සිද්දියෙන් අපට මොනවට පැහැදිලි කලේය.පොලීසියට සැක නම් ඕනෑ එකෙක් අත් අඩන්ගුවට ගත් හැක.නමුත් ඒකා පිලිබද හිතට එන හැම සැකයක්ම රටේ මාධ්‍ය සමග බෙදාගැනීම අව්ශ්ය නැත.එසේ බෙදා ගත්තත් ඒවා රටේම උන් එක්ක බෙදා ගන්නවාද නැද්ද යන්න තේරුම් ගැනීමට මාධ්‍යවල ඉන්නා උන්ට ඔලුවක් තිබිය යුතුය.එසේ ඔලුවක් නැති නිසා 17 හැවිරිදි කොලුවා blue film බැලූ  මෙරට පලමු පිරිමියා මෙන් ඉතිහාසගත් වුනේ තවත් ඝාතන චෝදනාවක්ද සමගය.දැන් අල්ලාගේන සිටින කොණ්ඩයාගේද අලුත් අලුත් hot activities  දවස පුරා එලියට එන්නේය.ඒවා මාධ්‍ය ඔස්සේ උණු කැවුම් මෙන් විකිනෙන්නේය. නමුත් තවමත් DNA පරීක්ශන වලින් කොණ්ඩයා මේ ඝාතනය කලේ දැයි  තහවුරු වී නැත්තේය.එය අන්තිමට අර වලහාගේ කතාව වැනි එකෙක් වන්නටද ඉඩ ඇත්තේය.


අවසාන වශයෙන් මධ්‍ය ආයතන වල සිටින ප්‍රවෘති අධ්‍යක්ශක වරුන්ට කියන්නට ඇත්තේ fb එකේ share වන හැම ලබ්බම සොයා බැලීමෙන් තොරව තමන්ගේ news වල එල්ලා ගන්නට එපා කියාය.තමන්ගේ news ව්ල කියන්නට නිසි දෙයක්  හොයා ගන්නට බැරිනම් ප්‍රවෘති අධ්‍යක්ශතුමෝ ඔය අධ්‍යක්ෂ පට්ටම දීපන් ළමයෙකුට...


පින්තූරු අන්තර්ජාලයෙනි