Saturday, September 24, 2016

ඉරාජ්ගේ සින්දුව - ඉතිහාස විපරම




කාශ්‍යප රජතුමා නැවත මහ වන මධ්‍යයට පිවිසුනේය.මීට ටික කලකට පෙර තමා කිසියම් කාල දොරටුවක් (something like stargate) හරහා වසර දහස් ගනනාවක් පසු කර අනාගත ලෝකයකට පිවිස ඇතිබව ඔහුට වැටහෙන්නට ගත්තේ සති කිහිපයකට පෙර සිටය.මේ 2016 වසරයි. "කසුන්"...ඒ ඔහුගේ වර්ථමාන නම.තමා සැබවින්ම කසුන් ද? නැතිනම් කාශ්‍යප ද? යන පැටලුම ලිහා ගැනීමේ දැඩි මානසික අර්බුධයක හෙතෙම පසුගිය සති කිහිපය පුරා පැටලී සිටියේය.නමුත් දැන් ඒ සියල්ල විසදා ගැනීමට ඔහුට පිලිවන්ව තිබේ.තමන් මෙහි පැමිණියේ තනිව නොව තමා ඉතා ප්‍රිය කල තම සුන්දරියන් දෙදෙනා වන විජ්ජුලතා හා මේඝලතා ද සමග බව දැන් කාශ්‍යප නිරිදානන්ට මතකය....
ඔහු පසුගිය දවස් කිහිපයම ගත කලේ මේඝනාගේ ඉව පසුපස යමිනි."මේඝනා...." ඒ මේඝලතාගේ මෙදවස නමය.ඇය මෙකල පරිසර පර්යේශිකාවක් වී, වන මැද විවිධාකරයේ පරීක්ෂණයන්හී නිරත වන බව කාශ්‍යප සොයාගත්තේය.දැන් ඔහු මේ වන මැදට පැමිණ තිබෙන්නේ ඇය සොයාගනු පිනිසය.මේ වනවිටත් ඔහු වන මැදට බොහෝ දුරක් ඇවිද විත් තිබේ.2016 ලෝකය තුල, කැලය මැද ගමනක් සදහාම උචිත අයුරින් සැකසුනු කසුන් හෙවත් කාශ්‍යප තම දසරුවෙහි එල්ලාගත් බෑගයත් සමග බොහෝ දුර ගමනේ යෙදුනේ හෙයින් දැන් විඩාබරය.තමා රාජ්‍යත්වයට පැමිනි පසු මාලිගාවෙන් පිටත එක මයිලක්වත් දෙපයින් ඇවිද නොගිය බව නිරිදුන්ට සිහිපත්වේ.එනයින් බලන කල මෙතරම් දුර ඇවිද ඔහු දැනටමත් කර ඇත්තේ එසේ මේසේ දෙයක් නොවේ.කාශ්යපට දැඩි පිපාසාවක් දැනුනි.ලග පාතින්ම ඉතා අලන්කාර වූ ඔයක් ගලා හැලෙන්නේ හෙයින්, දිය උගුරක් බී විඩාවා නිවා ගැන්මට ඔහුට සිතේ.ඔහු ඔය වෙත ගොස් විමසිල්ලෙන් වටපිටාව බලන්නේය.දිය පහරවල් ආසන්නයේදී අනතුරුදායක මෘගයන්ගේ පහර දීමට ලක්විය හැකි බව තම සටන් පුහුණුකරු ඔහුට උගන්වා තිබුනේ කාශ්‍යපගේ කුමාර අවදියේදීමය.ඒ පාඩම තවමත් ඔහුගේ මතකයෙන් ගිලිහී නොතිබීම ගැන ඔහුට සතුටක් දැනුනි.පාඩම අනුවම යමින් සින්හයෙක්ගේ විලසින් ඔහු දිය පානය ඇරබුවේය.තම දෑත්වලට වාරු දෙමින් කටින් දිය බීමට ගත්තේය.එය 2016 මිනිසුන්ගේ ක්‍රමය නොවේ.එය නියම සින්හ සටන් ශිල්පය හා ආරක්ශක ක්‍රම උගත් වීර නිරිදෙකුගේ ක්‍රමයයි.ඔහු සින්හ ඉරියව්වෙන් දිය පානයකරන කල ඔහුගේ දෙනෙත් හා දෙකන් සැමවිටම අවට පරිසරය කෙරෙහේ විමසිල්ලෙන් පසුවිය.



එක්වනම සවන පිනා යන ගීතයක් ඔහුගේ කන වැකේ.

"රැය හැර යන්නට නෑ සිත දෙන්නේ
හිත තව තව උණුසුම අයදින්නේ...."

මේ මහ වන මැද ඇසෙනා ඒ මියුරු හඩ තම සොදුරියක් වන මේඝලතාගේ නොවේද ?...ඇය ඒ ගීය ගයන්නේ තමා වෙනුවෙන්ම විය යුතුයැයි කාශ්‍යපට සිතේ.

"තුරුලු වෙලා යන් පාවෙලා
දුර ඈත මදු පිරුණු සිහිනේ බලා..."

ඔහු වහ වහා එම හඩ එන දෙසට දිවයයයි.පසු කරමින් මහ කදු වැටි ඕවිටි , ගස් මුල් වල පය හැපි හැපි වැටි වැටි දිව යන කාශ්‍යප විශාල ගල් කුලින් වටවී ස්වබාවිකවම සෑදූනු පොකුණක් අසලට පැමිනේ.මහ වන මැද මේ ස්වභාවිකව සැදි පොකුණ දුටු ඔහුට තම රජ මාලිහය වූ සීගිරියේ සෑදූ පොකුණු සිහිපත්වී සිතට අමුතුම මිහිරක් දැනුනි.එම මිහිර දෙගුන තෙගුණ කරමින් එක් වරම ගල් කුලක් මුදුනේ සිට ආ අඩ නිරුවත් ගැහැනියක් පොකුනට පැන්නාය.ඒ වෙන කිසිවෙකු නොව තමා මෙතුවක් කල් සොයමින් පැමිනි තම සුරගනක් වූ මේඝලතා බව ඔහු හදුනාගති.ඇය සැරසී සිටියේ 2016හි තරුණියන් තම යට ඇදුම් ලෙස පාවිච්චියට ගන්නා තිසර පටකින් හා පෑන්ටියකිනි.එදවස කලු පැහැයෙන් තෙද දුන් ඇයගේ කේශ කලාපය රන්වන් රන්වන් පාටට හුරු සුදු පැහැයකින් බැබලේ.එය සුදු පැහැති මේඝයකටම සමානයැයි කාශ්‍යපට සිතුනි.දැන් ඔහුගේ සිත ඉවසුම් නැත.යට ඇදුමකින් පමණක් ආවරනය වූ ඇගේ රන්වන් පැහැ ශරීරය ජලයෙන් තෙත්වී තව තවත් ශෘන්ගාරයෙන් උතුරායයි.ඔහුට සිතෙන්නේම තම නූතන ඇදුම් උනා දමා පොකුනට පැන ඇය හා ගැවසීමටය.නමුත් ඇය තවදුරටත් මේඝලතා නොවේ, මේඝනා මිස.ඇයට අතීතය පිලිබද මතකයක් නැත්නම්, තමා මේ අවස්ථාවේ දියට පැනීම එතරම් නුවනට හුරු දෙයක් නොවේ.ඇය දිය කෙලියෙහි යෙදී පැමිනෙන තෙක් මග රැකවල්ලා සිටීමට ඔහු තීරනය කරයි.ඔහු පොකුනෙන් මදක් ඉවතට යන්නේ ඒ සදහාය.

මේ අතරේ මේඝනා වන මැද ඇති සුන්දර ජල තලයෙහි සිසෙලෙන් තම මුලු ගතත් සිතත් නහවමින් ප්‍රීතිවන්නීය.තමා මේ අත්විදින්නේ කෙතරම් නැවුම්,නිස්කලන්ක සුවයක් ද?.තනිකමේ ඇති නිස්කලන්ක බව මෙලොව ඇති මිහිරිම සුවයක් බව සිතමින් ඇය සිසිල් ජල තලය මත දැහැන් ගත වන්නීය.ඇගේ දැහැන එක් විටම බිදුනේ පොකුණ කලම්බමින් යම් දෙයක් පොකුනට පතිත වූ බව දැනුනු නිසාවෙනි.එක්වනම ඇයට සිතුනේ භයානක මෘගයෙක් වතුරට පනින්නට ඇති බවයි.ඇය ක්ශණයෙන් පසු පස හැරී බැලුවාය.නමුත් විදුලියක් කෙටුවාක් මෙන් වතුරට පැන තිබුනේ මෘගයෙකු නොව ඉතා සුන්දර තරුණියක් බව ඇය දුටුවාය.මේ වන මැද මෘගයෙක් වෙනුවට මෙවැනි සුන්දර තරුණියක් දකින්නට ලැබීමෙන් මේගනා වික්ශිපත විය. 

තමා මෙන්ම යට ඇදුමෙන් පමණක් සැරසුනු ඇය තමා වෙතට කෙලින්ම ඇවිදන් එයි.ඇයගේ කෙස් රතු පැහැතිය.ඇයගේ යට ඇදුමත් එම වරණයෙන්ම නිම කල ඒවාය.මේඝනා වෙත කෙලින්ම පැමිණි ඇය,

"මේඝලතා, මම බොහෝ කලක් සොයා වෙහෙසුනෙමි.....ඔබව මෙහිදී හමුවීම කිනම් ප්‍රීතියක්ද "....ඇගේ මුහුනේ අප්‍රමාණ සොම්නසකි.

කවුද මේඝලතා, ඒ මොන නමක්ද ?.මෙය ඇයි අමුතු සින්හලෙන් කතා කරන්නේ ? මේඝනා වික්ශිප්ත වූවාය.

"මන් හිතන්නේ ඔයාට වැරදිලා.මම මේඝනා. ඔයා කිව්ව කෙනා නෙවී"

"නැත නැගණිය.මා හට කිසිවක් වැරදී නැත.ඔබට නම් යම් දෙයක්අමතක වී ඇති හැඩයි.එන්න මා ඔබට සියල්ල මතක් කර දෙන්නම්".....ඇය මේඝනාගේ උරහිස පිරිමදිමින් පැවසුවාය.මේඝනා බියවූයෙන් ඇයගෙන් ඉවතට යෑමට තැත් කලාය.නමුත් ඇය නොවේ මේඝනාට යන්නට දුන්නේ.ඇය මේඝනාව තමන් වෙතට ඇද ගත්තාය.



"කවුද ඔයා ?"

"මම විජ්ජුලතා වෙමි.මෙලොවදී මගේ නම විජිනි.......ඔබට මේ කිසිවක් තේරුම් ගැනීමට අපහසු බව මට වැටහේ.බලන්න මගේ දෙනෙත් දෙස.ඉන් පසු මා කියන දේ කරන්න"......

මේඝනා එක්වරම විජිනිගේ බසට අවනත වූයේ කිසියම් මායාවකට හසු වීමකින් වගේය.විජිනි මේඝනාට තම තන පටය අයින් කර දමන මෙන් පැවසීය.ඉන් පසු ඇය මේඝනාගේ තන පටයද ගලවා දැමුවාය.විජිනි මේ සියල්ල කරද්දී මේඝනා මායාවකට වශී වෙලාක් මෙන් ඇය දෙස බල සිටියාය.දැන් දෙදෙනාගේම උඩුකය නිරුවත්ය.විජිනි මේඝනාගේ පියවුරු සහ පිට ආදරයෙන් ස්පර්ශ කරමින් තමන් හා කාශ්‍යප රජු කාල අවකාශ දොරටුවෙන් 2016 වසරට ගසාගෙන ආ අයුරු විස්තර කලාය.මේඝනාට සියල්ල ටිකෙන් ටික මතක් වන්නට විය.

තමා මේඝලතා බවත් ඇය විජ්ජුලතා බවත් ඇයට පසක් වුනේ විජිනිහේ අලන්කාර පියවුරු දෙස බලා සිටින විටදීය.

"නැගනියට මතකද මා පස් පෙති මලක් ගෙන එහි පෙති එකින් එක විවර කරන අතරේ ඔබ කුන්ඩලාබරනයක් අතින් ගෙන එය කුමක්දැයි අසමින් විපිලිසර වූ හැටි...?

















"ඔව් ඔව් දැන් මට මතකයි,....... අක්කන්ඩි,ඒ කාලේ නම් අපි මේවා ඇග දැවටූයේ නැත නොවේද ?....ගලවා අයින් කරන ලද කොල පැහැති හා රතු පැහැති තිසර පට පෙන්වමින් මේඝලතා විමසීය.

"එසේය නැගණිය.., මේවා නූතන ධනේශ්වරයේ සිව් වන කාර්තුව නම් විදේශ බලවේග තුලින් අපේ කාන්තා ශරීර අවමානයට පත් කරලීමට සෑදූ සලු පිලි සමූහයකි.අපේ ප්‍රෞඩ වන්ශයට මේ කිසිත් නොගැලපේ.අපි කිසිදා රන තිසරුන් වැනි අපේ අලන්කාර පියවුරු ආවරණය කල ජාතියක් නොවේ."

"ඉතින් අක්කන්ඩි අපි කුමට තවත් මේවා ලග තබා ගෙන සිටිමුද?...අපි මේවා වීසි කරලමු"....කියූ මේඝලතා ඔවුන්ගේ තනපට විසි කර දැමීමට තැත් කරයි.නමුත් විජ්ජුලතා වහා ඉදිරිපත් වී ඇය වලකයි.

"නැත නැගනිය.මේ ඊට වේලාව නොවේ.අප දැන් සිටින නූතන රාජ්‍යය කරවන රජතුමා කාන්තාවන් තිසර පට විසිකිරීම දැඩිව හෙලා දකින පාලකයෙකි.ඔහු ලග එම වරද කරන කාන්තාවන් පෙලීම සදහා මඩු වලිගය නම් ඉතා භයානක ආයුධයක් පවා තිබේ"..

"එසේ නම් අක්කන්ඩි දැන් අපි කුමක් කරමුද ?"

"අපි දැන් අපේ නිරිදා වන කාශ්‍යප මහ රජතුමා සොයා යා යුතුය.නමුත් ඊට පෙර අපේ නිසි ඇදුමින් සැරසිය යුතුය.තිසර පට තවදුරටත් අවැසි නොවේ.නමුත් අපි මේවාත් ඉවත් කර ඒ සදහා අපේ නිසි ඇදුම සොයා ගත යුතුය.".....විජ්ජුලතා ඔවුන් ඇද සිටි පෑන්ටි පෙන්වමින් පැවසීය.

"අහ්...මිණිමෙව්ල. ඔව් අක්කන්ඩි අපි අපේ මිනි මෙවුල් සොයගෙන එය හැදගෙන අපේ රජතුමා සොයා පිටත් වෙමු"

සිය එකගතාව ඒ අනුව ඇති කරගත් විජ්ජු හා මේඝ තම මිනිමෙවුල් සොයා යාම සදහා පොකුනෙන් ගොඩට පැමිනෙන්නේ තම මිණිමෙවුල් හා ආදරණීය රජතුමා සොයා ගැනීමේ නොනිමි ආසාව සමගින්ය.

අපේ ඉරාජ් කොලුවා රූපයට නගා ඇත්තේ කාලයේ වැලි තලාවෙන් සැගව ගිය ඒ ඉතිහාස කතාවය..ඉතින් ඒ ඉතිහාස කතාව රූපයට නැගූ ඉරාජ් කොලුවාට අපේ ප්‍රණාමය... 
ආතල් කතාවක් බැවින් සීරියස් ගැනීමෙන් වලකින්න...හිකි ...හිකි..